සංචාරක ක්ෂේත්‍රයට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා සඳහන් කළා.

අද (05) පාර්ලිමේන්තුවේ දී යෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ සුබසාධන වැඩසටහනක් සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම සංචාරක කේෂ්ත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි එහිදී සඳහන් වුණේ.

මේ අතර සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට ද රජය මේ වනවිට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...