දේශබන්දු සෙවීමට පොලිසිය මහජන සහාය පතයි: ස්ථිර වශයෙන්ම රට ගිහින් නැතිලු

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටින ස්ථානය සහ ගැනීමට මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඊයේ (06) සඳහන් කළා.

අධිකරණය මඟහැර සිටින දේශපාලන තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්ඩායම් කිහිපයක් රට පුරා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මේ වන විට ඔහු රැඳී සිටින ස්ථානය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහුගේ දුරකතන සංවාද වාර්තා ඔස්සේ ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

කිසියම් පුද්ගලයෙකු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල දී ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද මනතුංග මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී තෙන්නකෝන් මහතාට එරෙහිව මේ වන විට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර ඔහු විදෙස් ගත වී නොමැති බව සහතික වශයෙන්ම කිවහැකි බව ද කියා සිටියා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...