ජ්‍යාත්‍යන්තර මාධ්‍ය තමාට ප්‍රියංකා යැයි ඇමතීම නිසා උරණ වූ දීපිකා පදුකෝන්

දීපිකා පදුකෝන්ට මේ වන විට ජ්‍යාත්‍යන්තර මාධ්‍ය කියන්නේ නයාට අඳු කොළ වගේ දෙයකි.

ඊට හේතුව ජ්‍යාත්‍යන්තර මාධ්‍යවලට අවස්ථා ගණනාවකදීම ඇයව හඳුනා ගැනීමට නොහැකි වීමයි.

බටහිර මාධ්‍ය බොහෝ අවස්ථාවල ඇයව හඳුන්වන්නේ ප්‍රියංකා චොප්රා ලෙසයි.

බොලිවුඩ් නිළියන් සාමාන්‍යයෙන් බටහිර රටවලත් බෙහෙවින් ජනප්‍රියය. අනික දීපිකා කියන්නේ බොලිවුඩ් පමණක් නෙවෙයි හොලිවුඩයත් ආක්‍රමණය කළ නිළියකි. ඇය හොලිවුඩ්වලට පිවිසුණේ වින් ඩීසල් සමඟ XXX: Return of Xander Cage චිත්‍රපටයෙන්.

ඒ වගේම ඇය හොලිවුඩ් චිත්‍රපටවල පමණක් නෙවෙයි මෙට් ගාලා, කෑන්ස් වැනි ගෝලීය උත්සවලදී පවා කැපී පෙනෙන චරිතයකි.

ඒ වුණත් දකුණු ආසියාතික රටවල මුහුණු ලේසියෙන් හඳුනා ගැනීමට නොහැකි බටහිර රටවල් ප්‍රමුඛ ජ්‍යාත්‍යන්තර මාධ්‍යවලට දීපිකා හඳුනා ගැනීමට නොහැකි වූ අවස්ථා ගණනාවක් වාර්තා වුණා.

ජ්‍යාත්‍යන්තර මාධ්‍ය විසින් පදුකෝන් නැවත නැවතත් වැරදි ලෙස වටහා ගනිමින් ප්‍රියංකා චොප්රා ලෙස ඇමතීම ගැන දීපිකා එම මාධ්‍යවලට ප්‍රසිද්ධියේ දෙහි කපා තිබුණේ එම තත්ත්වය පාලනය කළ නොහැකි තරම් උත්සන්න වීම නිසයි.

Quantico, Baywatch වැනි ජ්‍යාත්‍යන්‍තර නිර්මාණවල වැඩ කරපු නිසා වගේම ජනප්‍රිය හොලිවුඩ් තරුවක් වුණු නික් ජෝනාස් සමඟ විවාහ වෙලා ඇමරිකාවේ ජීවත්වන ප්‍රියංකා, දීපිකාට වඩා බටහිර මාධ්‍යවලට හුරු වීමත් මීට එක් හේතුවක් වන්න ඇති.

දීපිකා ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන විට විදෙස් මාධ්‍ය ‘ප්‍රියංකා, ප්‍රියංකා’ යනුවෙන් කෑගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් මතු වූ සිදුවීමක් දක්වා මෙම මතභේදය දිවයන්නේය.

කෙසේ වෙතත් ඇය ප්‍රියංකා චොප්රා ලෙස වරදවා වටහා ගත් පළමු අවස්ථාව මෙය නොවේ.

මේ ගැන ඇගෙන් සිදු කළ විමසීමකදී, දීපිකා සෘජුවම බටහිර මාධ්‍යවලට ඇඟිල්ල දිගු කරමින් එය ඔවුන්ගේ නොදැනුවත්කම යයි චෝදනා කළා.

ඇය එය ‘ජාතිවාදී’ ලෙස හැඳින්වූ අතර ඉන්දියානු මාධ්‍ය ඇය වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කලකිරීමද ප්‍රකාශ කර තියෙනවා.

2016 වසරේ දී ටෙනිස් තරුවක් වන නොවැක් ජොකොවිච් ලොස් ඇන්ජලීස් හිදී “කාන්තා සහකාරියක්” සමඟ ආහාර ගත් බව ඩේලි මේල් සිරස්තලයක් බවට පත් වූ අතර එම ඡායාරූපයේ සිටින්නේ සුපිරි බොලිවුඩ් තරුවක් වන දීපිකා පදුකෝන් බව එම පුවත්පතට හඳුනා ගැනීමට නොහැකි වී තිබුණා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!