පලස්තීන ධජයක් සමඟ බිග් බෙන් කුළුණ මතට ගොඩ වුණු පුද්ගලයෙකු නිසා සිදුවුණු කලබැගෑනිය

පලස්තීන ධජයක් අතැති පුද්ගලයෙකු සෙනසුරාදා (08) බිග්බෙන් ඔරලෝසුවට නැගීමට උත්සහ කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මේ හේතුවෙන් සෙනසුරාදා ලන්ඩනයේ බිග් බෙන් අවට ප්‍රදේශය වසා දැමීමට එක්සත් රාජධානියේ පොලිසිය පියවර ගෙන තිබුණා.

එම පුද්ගලයා මීටර් කිහිපයක් (අඩි) ඉහළට නැඟ එලිසබෙත් කුළුණ යන නිල නාමය ඇති කුළුණේ පාවහන් නොමැතිව වාඩි වී සිටි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ප්‍රදේශයේ හදිසි වාහන යොදවා තිබූ අතර වෙස්ට්මිනිස්ටර් පාලම අවට ප්‍රදේශය වසා දමා ඇති බව වාර්තා වුණා

හදිසි කණ්ඩායමක් ගිනි නිවන ට්‍රක් සෝපානයක් සහ මෙගාෆෝනයක් භාවිතා කර එම පුද්ගලයා සමඟ කතා කිරීමට උත්සාහ කළ පසුවත් පැය ගණනාවක් ඔහු කුළුණ මත වාඩිවී සිටි බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!