බලුකිස්තානයේ මගීන් 450ක් සමඟ දුම්රියක් ප්‍රාණ ඇපයට ගනී

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රදේශයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීන් මගීන් සීයකට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැරගෙන තිබෙනවා.

බෙදුම්වාදීන් දුම්රියට ගොඩ වී ඔවුන්ගේ පාලනයට ගෙන ඇත්තේ මගේ දුම්රියට වෙඩි තබමින් සහ පහර දෙමිනි.එම ප්‍රහාරයෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් මෙම පහරදීම සිදුකර ඇත්තේ දුම්රිය බිංගයක් තුළින් යද්දී නතර කර අවස්ථාවේදීය.

මියගිය දස දෙනාගෙන් නව දෙනෙකු දුම්රිය ආරක්ෂාවට යොදවා සිටි පකිස්තාන ආරක්ෂක අංශයේ සාමාජිකයන් වන අතර අනෙක් තැනැත්තා වන්නේ දුම්රිය රියදුරාය.

සටන් කාමීන් දුම්රියට පහරදීමට පැමිණෙද්දී ඊට මගීන් හාරසීයකට වැඩි පිරිසක් දුම්රියේ ගමන් ගනිමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක් වූයේ ජෆාර් එක්ස්ප්‍රස් නමැති ශීඝ්‍රගාමී මගේ දුම්රියයි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...