අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ බව තහවුරු කරමින් අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ සැකකරු ගල්නෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවයි.

විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුව ලබමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමෙන් පසු පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

සැකකරු ගල්නෑව පදිංචි කිරිබණ්ඩලගේ නිලන්ත මධුරංග රත්නායක ලෙස හඳුනාගෙන තිබෙනවා.

සැකකරු මීට පෙර වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ දිනට පෙර දින නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

හමුදා සේවයෙන් පලා ගිය 34 හැවිරිදි සැකකරු අද (12) ගල්නෑවේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!