හුළඟකවත් වදින්න නොදී මාස 18 ක් රැකගත්තු අමීර් ඛාන්ගේ අලුත්ම ප්‍රේමිය

මේ වෙනකොට ගූගල් ට්‍රෙන්ඩ්ස් ඉන්දීය වාර්තාවල වැඩිම සොයන වචනය වචනය බවට පත්ව ඇත්තේ “ගෞරි ස්ප්‍රැට්” (Gauri Spratt) ය.

“ගෞරි ඛාන්,” “ගෞරි ආමීර්,” “ගෞරි ස්ප්‍රැට්ගේ වයස,” “අමීර් ඛාන් ගෞරි ස්ප්‍රැට්,” සහ “අමීර් ඛාන්” ලෙස විවිධාකාරයෙන් ගෞරී ස්ප්‍රැට් ගැන ඉන්දියාව සොයමින් සිටිනවා. බොලිවුඩ් ඛාන්ලා අතර වැජඹෙන තරුව වුණු අමීර් ඛාන් පත්තු කරපු ගින්නක් තමයි ඇත්තටම මේ ගෞරී ස්ප්‍රැට් ලැව් ගින්නට හේතුවුණේ.

අමීර් මේ ගින්න පත්තු කළේ මාර්තු 13 වැනිදා රෑ මුම්බායි නුවර පැවති ඔහුගේ පූර්ව උපන්දින සාදයක් අතරතුරදීය.

එහිදී අමීර් ඔහුගේ අලුත්ම පෙම්වතිය ලෙස ගෞරි ස්ප්‍රැටි නම් කාන්තාවක් මාධ්‍ය වෙත හඳුන්වා දුන්නා.

මාර්තු 14 වැනි සිකුරාදා එනම් අද බොලිවුඩයේ මිස්ටර් පර්පෙක්ෂනිස්ට් ලෙස විරුදාවලිය ලත් සිය නිර්මාණවල කිසිදු හිස්තැනක් නොතැබීමට වගබලා ගන්නා අමීර් ඔහුගේ ජීවිතයේ 60 වෙනි වසර සනිටුහන් කරනවා. ඉතින් පූර්ව උපන්දින සාදයකට අමීර් පැමිණ සිටියේ ඔහුගේ ජීවිතයේ හිස් කොටු පුරවන ගෞරී නම් කාන්තාවක් සමඟ වන අතර ඇය ඔහුව සෘජුවම මාධ්‍ය වෙත හඳුන්වා දුන්නේ ඇස් මවිතයට පත් කරමිනි.

අමීර් එහිදී අනවශ්‍ය අයුරින් ජනප්‍රිය පුද්ගලයින්ගේ ජීවිත පසු පස එන ඉන්දීය පැපරාසි මාධ්‍ය වෙත “දෙඛා කුච් භි පතා නහි චල්නේ දියා මේනේ තුම් ලෝගෝ කෝ (බලන්න.. මම ඔබට මේ ගැන සුළඟඟකින් හෝ එන්න ඉඩ දුන්නේ නැහැ)” යනුවෙන් පවසමින් හාස්‍යටද ලක් කළා.

ක්ෂේත්‍රයෙන් පිටත කෙනෙකු සමඟ ආමීර් පෙම් සබඳතාවක් පවත්වන බවට ගොසිප් පැතිර ගියත් ඉන්දීය මාධ්‍ය කිසිවකට මාස 18 ක් තිස්සේ අමීර්ගේ එම ප්‍රේම සම්බන්ධතාවය තහවුරු කිරීමට හැකි වුණේ නැහැ. එයට හේතුව ලෙස අමීර් පෙන්වා දුන්නේ ඇය බැංගලෝරයේ ජීවත් වීමයි. තමා ඇයව බැලීමට පියාසාර කළ බවත් මේ නිසා මාධ්‍යන්ගෙන් එය වසන් කිරීමට ලැබුණු බව අමීර් කියා සිටියා. කෙසේ වෙතත් ඇය මේ වන විට ඔහුගේ පවුලේ අයට දරුවන්ට හඳුන්වා දී ඇති බවද අමීර් මෙහිදී අනාවරණය කළා.

අමීර්ගේ අලුත් පෙම්වතිය ගෞරි බැංගලෝරයේ පදිංචිකාරියකි. බැංගලෝරයේ රූපලාවණ්‍යාගාරයක් හිමි රීටා ස්ප්‍රැට්ගේ දියණිය වන ගෞරි ඇගේ මුළු ජීවිත කාලයම පාහේ එහි ජීවත් වූ අයෙකි. ඇගේ LinkedIn ගිණුමට අනුව, ගෞරි බ්ලූ මවුන්ටන් පාසලේ අධ්‍යාපනය ලබා 2004 දී ලන්ඩනයේ කලා විශ්ව විද්‍යාලයෙන් ඡායාරූපකරණාය හා විලාසිතාවලට අදාළ පාඨමාලා කිහිපයක් හැදෑරු අයෙකි. ඇය දැනට මුම්බායි හි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනු ලබනවා.

බ්‍රහස්පතින්දා මාධ්‍ය සමඟ කළ සංවාදයකදී, ගෞරි ඇය දැන් ආමීර් සමඟ ඔහුගේ නිෂ්පාදන ආයතනයේ සේවය කරන බව සඳහන් කර සිටියා. ගෞරිට අවුරුදු හයක දරුවෙක් සිටින අතර ඇය ආමීර්ව වසර 25ක් තිස්සේ හඳුනන බවයි වාර්තා වන්නේ. ඔවුන් පෙම් සබඳතාවක් ආරම්භ කළේ මාස 18 කට පෙර බව සඳහන්ය.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...