රැප් ගායක ‘ශාන් පුතා’ ගිනි අවියක් සමඟ කොටුවෙලා

ප‍‍්‍රසිද්ධ රැප් ගායකයකු වන ශාන් පුතා ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප‍‍්‍රදේශයේදී අද (14) දින අත්අඩංගුවට පත් වුණා.

ඒ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමඟයි.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගායක ශාන්පුතාගේ කළමනාකාරවරයා ඔහු සමඟ අත්අඩංගුවට ගැනුණා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී එම ගිනි අවිය සොරාගෙන විත් ගායකයාට ලබා දී තිබෙනවා.

මාතර ප‍‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ තිබූ බව පොලිසිය පවසනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...