අවුරුදු 21 දී දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ, කාර්තික් ආර්යයන්ගේ දොස්තර පෙම්වතිය ‘ශ්‍රීලීලා’

කාර්තික් ආර්යන්ගේ ප්‍රේම වෘතාන්ත පිළිබඳ කතා කාලයෙන් කාලයට සිරස්තල බවට පත් වන්නකි.

කාර්තික් ඔහුගේ ලව් ආජ් කල් සහකාර රංගන ශිල්පිනිය වන සාරා අලි ඛාන් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බව වාර්තා වන අතර, ඔවුන්ගේ බිඳවැටීමෙන් පසු ඔහු ජාන්වි කපූර් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කළ බවට කතා පැතිර ගියා. කටකතා සත්‍ය නම්, ඔහු කෙටි කාලයක් අනන්‍යා පාණ්ඩේ සමඟත් පෙම් සබඳතාවක් පැවැත්වුවා.

ඔහු ආදරයේ පරමාදර්ශයක් ලෙස පෙනී සිටියත් වරක් ඔහු සඳහන් කළේ ප්‍රේමයේදී තමා සැබවින්ම අවසනාවන්ත බවයි. ප්‍රසිද්ධ පුද්ගලයින්ට හමුවීම් ඉතාම සීමිත බවත් සැබෑ ආදරය කිසිවිටක මිලට ගැනීමට නොහැකි බව කාර්තික් පැවසුවා.

ඔහුට කොතෙක් ප්‍රේමයන් තිබුණත් ඔහුගේ මව වන මාලා තිවාරිට සැමවිටම ඒ ගැන තිබුණේ වෙනත් ආශාවකි.

මාලා තිවාරිට අවශ්‍ය වුණේ කාර්තික් වෛද්‍යවරියක හා විවාහ වනු දැකීමටයි.

මෑතකදී ඔහුගේ මව The Great Indian Kapil Show හි පෙනී සිටි අතරතුර, ඔහුගේ පරමාදර්ශී සහකාරිය සම්බන්ධයෙන් කාර්තික්ට යම් යම් මනාපයන් ඇති බව අනාවරණය කළා.

කෙසේ වෙතත්, මව සඳහන් කළ ආකාරයට ඇගේ ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ ඇය වෛද්‍යවරියක් වීම හා MBBS උපාධියක් ලබා තිබීමයි.

මේ කතාවෙන් ඔහුගේ වර්තමාන ප්‍රේමය පිළිබඳ පවතින කටකතාවලට ලැබුණේ ආලෝකයකි.

මේ වන විට කාර්තික් ආර්යන් ගැන පැතිර යන කටකතා වන්නේ දැනට වෛද්‍යවරියක් ද වන නිළියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවයි.

එපමණක් නොව, මෑතකදී පැවති IIFA සම්මාන 2025 අතරතුර ද ඔහුගේ මව මේ පිළිබඳ ඉඟියක් ලබා දී තිබුණා.

එම ඉඟියෙන් කියැවුණේ අදාළ නිළිය දකුණු ඉන්දියානු චිත්‍රපට නිළියක් බවත් ඇය කාර්තික් ආර්යන්ගේ ඉදිරි චිත්‍රපටයේ ද දක්නට ලැබෙන බවයි.

අනුරාග් බාසුගේ කාර්තික් ආර්යන් සමඟ නම් නොකළ චිත්‍රපටයේ දක්නට ලැබෙන නිළිය අන් කිසිවකු නොව ශ්‍රීලීලාය. ඇය MBBS උපාධිධාරිනියකි.

ඇගේ මව ද වෛද්‍යවරියක වන අතර බැංගලෝරයේ පදිංචි නාරිවේද වෛද්‍යවරියකි. ශ්‍රීලීලා Pushpa 2: The Rule හි ගීත ජවනිකාවක ද පෙනී සිටියා.

ඇමරිකානු සම්භවයක් ඇති ඉන්දියානු නිළි ශ්‍රී ලීලා ඇගේ රංගන ජීවිතය ආරම්භ කළේ ළමා නිළියක් ලෙසයි. 2019 කන්නඩ චිත්‍රපටයක් වන Kiss හි ප්‍රධාන නිළිය ලෙස ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. ඇය Bhagavanth Kesari, Dhamaka සහ Peli SandaD හි වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායකවූ නිළියකි.

2022 පෙබරවාරි මාසයේදී, ඇයට යන්තම් වයස අවුරුදු 21 දී, ශ්‍රී ලීලා ආබාධිත දරුවන් දෙදෙනෙකු හදා වඩා ගැනීමට භාර ගෙන තිබුණා.

අනාථ නිවාසයකට ගිය අවස්ථාවේදී, ඔවුන්ගේ තත්වය ගැන ඇය දැඩි ලෙස සංවේගයට පත් වෙමින් ඔවුන්ට ස්ථිර නිවසක් ලබා දීමට හෘදයාංගම තීරණයක් ගෙන තිබුණා.

ඔවුන්ගේ අරගල දැකීමෙන් ඔවුන්ව ජීවිත කාලය පුරාම හදා වඩා ගැනීමට ඇය පෙලඹුණු බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!