බටලන්ද වාර්තාවේ මට අදාළ කොටසක් පමණයි… හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් තුළ තරුණයින් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

87/89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ උච්චතම අවස්ථාවේදී බියගම පිහිටි වැදගත් රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයූ ආරක්ෂක අංශවලට නවාතැන් ලබා දෙන ලෙස එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න කළ ඉල්ලීමට අවනත වීමට තමා ගත් ක්‍රියාමාර්ගය කොමිසම ප්‍රශ්න කර ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

වාර්තාවේ තීරණවල තමා වෙත එල්ල කරන එකම චෝදනාව වන්නේ අමාත්‍යවරයකු ලෙස පොලිස් අධිකාරිවරයකු මඟින් පොලිස් නිලධාරීන් ලබා දීම පමණක් වන බවත් වාර්තාවේ අනෙකුත් කිසිදු චෝදනාවක් තමාට අදාළ නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...