අපරාධ රෝමෑන්තිකරණය වීම ශාන් පුතා සහ කොරියාව

මරන්න ගෙන යන සොරෙකුට පෙම් කළ කුණ්ඩලකේසී අපට හමුවුණේ ජාතක කතා පොතෙනි. මනමේ කුමරියද කඩුව දුන්නේ වැද්දාටය.

බැලූ බැලූ අත අපරාධකරුවන්ට හා සැකකරුවන්ට පෙම්බඳින්නෝ එකල ද සිටි අතර මෙකල එය රැල්ලක් බවට පත්ව ඇති ආකාරය දැකගන්නට තිබේ.

සෑම අපරාධකරුවෙකුම එකී තත්ත්වයට පත්වීමට පදනම් වූ ඓතිහාසික හේතු සාධක තිබිය හැකිය. ඒවා වෙනම විශ්වවිද්‍යාල හෝ වෙනත් විනිශ්චය ආයතනවල පර්යේෂණ කළ යුතු මාතෘකාය.

අපරාධකරුවකුට ප්‍රශස්ති ගායනා කිරීම යනු අපරාධ වසංගතයක් බවට පත් විය හැකි තත්ත්වයකි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ ගනේමුල්ල සංජීව මරා දැමූ ඝාතකයාට ප්‍රේම කර සුමානයක් ගත වුණේ නැත. දැන් ශාන් පුතා වෙනුවෙන් ප්‍රශස්ති රැප් කොට ගායනා කිරීම ආරම්භ වී තිබේ.

ශාන් පුතා වෙනස්ම ආකාරයෙන් කලාව ස්පර්ශ කළ කටුක සමාජ යථාර්ථයන් රැප් කළ අමුතු කලාකරුවෙකි. ඔහුගේ රැප් අපට සමීප අතර ඒවා අපද රස විඳ ඇත.

එහෙත් ශාන් පුතා නොව සක්කරයාගේ පුතා වයිමා වුවත් වරදක් කර ඇත්නම් වරද වරදමය. නීතිවිරෝධී ආකාරයෙන් ගිනි අවියක් ලඟ තබා ගත්තා නම් ශාන් පුතා, ගිනි අවි ගණනාවක් ළඟ තබාගෙන සිටි මහින්ද රාජපක්ෂගේ පුතා යෝෂිත තරමටම වැරදිය.

මේ වන විට බුකි ලෝකය කැළඹි ශාන් පුතා සමඟ ෆොටෝ ගැහුව සියල්ලෝ ඒවා අප්ලෝඩ් කරමින් සිදු කරන වැළපීම බොක්කෙන්ම ඔහුට කරන ආදරයක් නොවේ. එය තනිකරම ඔහු ගොඩනඟාගත් කිසියම් ප්‍රතිරූපයක් තිබේ නම් ඔහුට කෙළවුණ අවස්ථාවෙ හෝ එයින් කිසිවක් තමන් සතු කර ගැනීමේ මනුස්ස ගති සොබාවයයි. ඔහුට ඇති ආදරය ප්‍රකාශ කිරීමට ඔහු සමඟ ගත් ෆොටෝ අදාළම නැත. ඇත්තටම ශාන්පුතාට ඔහුගේ කලාවට ආදරය කරන මිනිසුන් වරදේදී ඔහු ප්‍රතික්ෂේප කළ යුතුය.

නළු නිළියන් ගායකයින් දුටු විට කලන්තෙ දමා ඇද වැටෙන ෆෑන්ස්ලා සිටින දකුණු කොරියාව මීට හොඳම නිදසුනකි.

පසුගිය දවසක ලොව පුරා රසිකයින් පිස්සුවෙන් වගේ ආදරයකරන Kpop සංගීත කණ්ඩායමක් වන BTS කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු වන ෂුගා (Suga) ජාතියෙන්ම සමාව ගත්තේ බීමතින් විදුලි ස්කූටරයක් පදවා සිදු කළ වරදක් සම්බන්ධයෙනි. ඔවුන්ට පණ ඇරලා ආදරය කරන රසියකයින් ෂුගානේ කරේ… කමක් නෑ.. කමක් නෑ.. කියා සමාව දුන්නේ නැත.

මෑතකදී මිය ගිය කිම් සේ රොන් නමැති ලාබාල නිළියට බීමතින් රිය පද්දවා පොදු දේපළවලට හානි කිරීම හේතුවෙන් තාවකාලිකව වෘත්තීය ජීවිතයට තිත තැබීමට පවා සිදු ව තිබුණා.

කිසිවකු ඇගේ වරද සාධරණීකරණය නොකළ නිසාය. සමාව ගැනීමට සිදුවූ මේ ලැයිස්තුව තරමක් දිග එකකි. අපරාධවලදී ජාතියක් ලෙස අන්න ඒ බය සහ ලැජ්ජාව තබා ගත යුතුමය.

වැරදි කරන්නේ මිනිසුන් ය. ඔවුන්ට එම වැරදි නිවැරදි කර ගැනීමට එක් හෝ අවස්ථාවක් ලැබිය යුතුමය. එහෙත් ඒ වැරදි උත්කර්ෂයට නංවා හෝ ඔවුන්ට සුදු හුණු පිරියම් කිරීමෙන් නොවේ. සුළු සුළු වැරදිවලට පවා ජාතියෙන්ම

– සුබා ගුණරත්න

Latest News

More like this

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...

ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ට්‍රම්ප් තීරුබදු ලිපි යවයි…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය රටවල් 14 ක...
error: Content is protected !!