නිසි අවසර ලබා නොගෙන ආගම් ප්‍රචාරය කරන විදේශීය දේශකයින් ශ්‍රී ලංකාවෙන් පිටමන් කරයි

ආගමික වීසා නොමැතිව යාඥා උත්සව සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය ආගමික දේශකයින් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි නියෝග මධ්‍යයේ රට තුළට අනවසරයෙන් ඇතුළු වූ දේශකයින් ඉවත් කිරීමට පසු ගිය දා පියවර ගැනුණා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සති අන්තයේ නුවරඑළියේ පල්ලියක් වටලා විදේශීය දේවගැතිවරුන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටවන ලෙස නියෝග කළ බව ආරංචි මාර්ග පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව විදේශීය දේශකයින් දෙදෙනෙකු ආගමික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ නිරත වන බවට ලැබුණු තොරතුරු අනුව නිලධාරීන් කණ්ඩායමක් අදාළ ආගමික උත්සව පරීක්ෂා කිරීම සඳහා එහි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මාර්තු 10 සිට 12 දක්වා සහ මාර්තු 14 සිට 16 දක්වා නුවරඑළිය නගර ශාලා ශ්‍රවණාගාරයේ වෙනම සැසි දෙකකින් පැවැත්වීමට නියමිතව තිබූ “ජේසුස් වහන්සේ ජීවමානයි” යන ඉවැන්ජලිකල් ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මෙසේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට එම සභාවේ ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා කිසිදු අනුමැතියක් ලබා නොගත් ඉන්දියානු සහ මැලේසියානු පිරිමි දේශකයින් සොයා ගැනීමට එහිදී කටයුතු කර තිබුණා.

ඔවුන් පසුගිය සතියේ කොළඹට පැමිණ තිබුණේ සරල සංචාරක වීසා බලපත්‍රයක් මතය.

එහිදී සංචාරක වීසා පමණක් ඇති ඉන්දියානු පූජකවරුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. අදාළ විදේශීය දේශකයින් රට තුළ සිටීම ප්‍රශ්න කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රවර්ධන කටයුතුවලට සහභාගී වීම සඳහා විශේෂ ආගමික වීසා සඳහා අයදුම් කිරීමට අවශ්‍ය බව ඔවුන් නොදන්නා බව දෙදෙනාම ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. පූජකවරුන් දෙදෙනා පිළිවෙලින් සෙනසුරාදා සහ ඉරිදා කොළඹින් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!