පල්ලිවලට පහර දුන් අයට පාස්කු දිනයේ දී සමාව දෙන්න… රජය කිතුනුවන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව දේදුනු ජාතියක් බවට පත් කිරීම සඳහා රටට සුවපත් කිරීමේ සහ සමාව දීමේ සත්‍ය කොමිසමක් අවශ්‍ය බව ආගමික කටයුතු සහ බුද්ධ ශාසන අමාත්‍ය සුනිල් සෙනවි අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

සුවපත් කිරීමේ සහ සමාව දීමේ සත්‍ය කොමිසම පිහිටුවීමේදී තම අමාත්‍යාංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවයි ඔහු අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කළාක් මෙන් එකිනෙකාට සමාව දිය යුතු බව ඔහු සඳහන් කළා.

“අප්‍රේල් 21 වන දින ළං වෙමින් පවතින අතර එදින පල්ලිවලට පහර දුන් අයට කිතුනුවන් සමාව දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” 2025 අයවැය යෝජනාවලට අදාළව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ විවාදයට ගත් අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...