එක්සත් ජාතික පක්ෂය කොළඹට තනිව හා දිස්ත්‍රික්ක කිහිපයකදී සජබ සහ පොහොට්ටුව සමඟ එක්ව තරග කිරීමට සූදානම්

2025 පළාත් පාලන මැතිවරණයේ දි කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂ ලකුණින් තරග වදින බව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා හිටපු අපේක්ෂයින් සහ නවක අපේක්ෂකයින් සඳහා ප්‍රමුඛතාවය දීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය කළ විමසීමවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලදී පොදු ජන පෙරමුන සමඟ හා සමගි ජන බලවේගය සමඟ එක්ව තරඟ කරන බවද ඔහු අනාවරණය කරනු ලැබුවා.

කෙසේවෙතත් සමගි ජන බලවේගය නිල වශයෙන් එක් වීමක් සිදු නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල තම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු මැතිවරණය තුල එක් වනු ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Latest News

error: Content is protected !!