යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකතන ඇමතුම හෙට…

රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තීරණාත්මක දුරකථන සංවාදය හෙට (18) පැවැත්වීමට නියමිතය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා සවස ෆ්ලොරිඩාවේ සිට වොෂින්ටන් බලා පියාසර කරමින් සිටියදී මේ බව වාර්තාකරුවන් වෙත තහවුරු කර තියෙනවා.

“සති අන්තයේ ගොඩක් වැඩ ඉවර කළා. යුද්ධය අවසන් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන” ඔහු එහිදී පැවසූ බව සඳහන්ය.

වසර තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරන “ඉඩම් සහ බලාගාර” ප්‍රධාන සාකච්ඡා මාතෘකා වනු ඇති බව එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. ට්‍රම්ප් එය විස්තර කර ඇත්තේ වත්කම් බෙදාගැනීමක් ලෙසටය.

කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඉඩම් අත්හැරීමේ අදහස නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ තියෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...