රු. 2,000 ට මිලදී ගත් ක්‍රීම් 30,000ට අලෙවිකර ජීවිතය ජයගත් පියුමි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඉතා කෙටි කාල සීමාවක් තුළ විශාල ධනස්කන්ධයක් හා වත්කම් රැස්කළ ආකාරය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනවරණය වී තියෙනවා.

ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කිරීමෙන් ඇය එම වත්කම් උපයා ගෙන ඇති බවයි එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල් 2000, 3000, 5000 හා 6000ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව අදාළ අයාතන දෙකෙහි සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව සඳහන්ය.

මෙලෙස අඩුමිලට ලබාගන්නා ආලේපන වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති බවත් හෙළිකරගෙන තියෙනවා.

ඇය විසින් වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා එම ක්‍රීම් වර්ග ප්‍රවර්ධනය කර අලෙවි කර ඇති අතර එමගින් දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බවද මේ ව්‍යාපාරයෙන් ලද ආදායම්වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක් ද මිලදී ගෙන ඇති ද අනාවරණය වුණා.

එමෙන්ම කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක් ද ඇය විසින් අදාළ මුදල් යොදවා මිලදීගෙන තිබුණා.

කෙසේ වෙතත් ඇය විසින් සත්‍යවශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇති ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඉතා කෙටි කලක් තුළ නවීන පන්නයේ මෝටර් රථ හා මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවත්, මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ ඇය විසින් නිති විරෝධී ක්‍රියාවන් සිදුකරන මුදල් උපයාගැනීමක් සිදුකර තිබේද යන්න පිළිබඳ මගෙන් රටට සංවිධානය විසින් පසුගියදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!