පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කම්පියුටර් සහ ෆෝන් ගන්න දෙන මුදල ලක්ෂ පහේ සිට අට දක්වා ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම රුපියල් ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙයට පෙර රුපියල් ලක්ෂ පහ බැගින් ලක්‍ෂ දහයක් සිය ධුර කාලය තුළ වාර දෙකකදී ලබාදීමට කටයුතු කෙරුණා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජය පළ මහතා ඉකුත් පෙබරවාරි 2වෙනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල් ලබාදීමට අනුමැතිය ලැබී තියෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කෙරෙනු ඇති. එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරයාට පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ දැක්වෙනවා.

මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වාගෙන යන කාර්යාලවල කටයුතු සහ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා මෙම උපකරණ ලබා දීම සිදු කෙරෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!