සුෂාන්ත්ගේ මරණයෙන් පසු මාධ්‍ය විසින් ඝාතනය කළ ‘රියා’ නිදහස්…. ජාතියම සමාව ගනී

මීට වසර පහකට පෙර 2020 ජුනි 14 වැනි දින සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානි කර ගැනීමකින් මිය ගියේ ඔහුගේ මරණය පිළිබඳ නොවිසඳුණු පරිච්ඡේදයකට දොරවල් විවර කරමිනි. මිය යන විට 34 වැනි වියේ පසුවූ ඉන්දීය සිනමාවේ තරුවක් ලෙස නැගී එමින් සිටි සුෂාන්ත් සිය දිවි නසා ගැනීම පිටුපස අඳුරු බිහිසුණු යථාර්ථය කිසිවකුට වටහා ගත නොහැකි වීම එම තත්ත්වයට හේතු වුණා. ඉන්දීය සිනමාවට හා සුෂාන්ත්ට ආදරය කළ අයට කම්පා වීම හැර කිරීමට ඉතිරි වූ එකම දේ ඔහු වටා සිටි කවයට ඇඟිල්ල දිගු කිරීමයි. ඒ අනුව තරුණ සුෂාන්ත්ගේ මරණයට වගකිව යුතු පළමු පව්කාරිය වූයේ රියා චක්‍රබෝර්තිය. ඒ ඔහු රියා චක්‍රබෝර්ති සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කාල වකවානුවයි.

සියදිවි නසා ගැනීමට ඇය සම්බන්ධ බවට චෝදනා ගලා ඒමත් සමඟ සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති නාලිකා ඔස්සේ ඇය අමානුෂික ලෙස ලුහුබඳිමින් පහර දීම සිදුකළා. රියා, මහලු අධ්‍යක්ෂවරයකු වන ආලියා භාත්ගේ පියාට සම්බන්ධ කරමින් සුෂාන්ත්ගේ මරණයට ඇය වගකිව යුතු බවට චෝදනා එල්ල වුණා.

සුෂාන්ත්ගේ පවුලේ සාමාජිකයන්ද සෘජුවම ඇඟිල්ල ඇය වෙත දිගු කළ අතර රියා චක්‍රබෝර්තිට එරෙහිව දැවැන්ත සමාජ විරෝධයක් මතුව් ආවේ ඇයට නැවත හිස එසවීමට කිසිදු ඉඩක් නොතබාය. නමුත් කාලය විසින් මේ වන විට එයට පිළිතුරු දී ඇත්තේ රියාගේ දෑත් පිරිසිදු බවට නෛතික වශයෙන්ම තීන්දුවක් ලබා දෙමිනි.

වාර්තාවන ආකාරයට සුෂාන්ත්ගේ මරණය සම්බන්ධ නඩුව පවත්වාගෙන ගිය CIB (Crime Investigation Board) ඒ සම්බන්ධ ගොණු සියල්ල වසා දැමීමට තීරණය කර තියෙනවා. සුෂාන්ගේ මරණයට පසු ඔහුගේ පියා විසින් බිහාර් පොලිසිය හමුවේ කරන ලද පැමිණිලි දෙකට අදාළව විසින් CIB පරීක්ෂණ පවතාවගෙන ගියා. රියා චක්‍රබෝර්ති විසින් සුෂාන්ත්ගේ මරණයට අනුබල දුන් බවත් රියා සහ ඇයගේ පවුල විසින් සුෂාන්ත්ගේ මුදල් අනියම් ලෙස පරිහරණය කළ බව ඇ‍යට එරෙහි වූ චෝදනාය.

දීර්ඝ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු නඩුව වසා දැමීමට තීරණය කර ඇත්තේ ඔහුගේ මරණයට විරුද්ධව කිසිදු සාක්ෂියක් හෝ වරදකරුවකු නිශ්චය කළ නොහැකි බව පවසමිනි. වාර්තා වන ආකාරයට මේ වන විට රියා සහ ඇයගේ සොහොයුරා සහ පවුල වෙත ක්ලීන් චිට් එකක් මේ වන විටත් ලබා දී අවසන්ය.

රියාගේ ජීවිතයට අගේ වෘත්තිය අනාගතයට එයින් සිදු වූ බලපෑම කිසි ලෙසකින් අවසන් වන්නේ නැහැ. ඉන්දීය සමාජ මාධ්‍ය මේ වන විට මුළු ජාතියම සහ ඇයව නිර්දය ලෙස ඝාතනය කළ ඉන්දීය මාධ්‍ය ඇගෙන් සමාව ගත යුතු බව පුන පුනා පවසමින් සිටිනවා.

ටයිම්ස් නව්, රිපබ්ලික් සහ ඉන්ඩියා ටුඩේ වැනි මාධ්‍ය ආයතන වහාම ඇගේ නිර්දෝෂීභාවය පිළිබඳ වාර්තාව ඔවුන්ගේ මාධ්‍යවල පළ කරමින් සමාව ගත යුතු බව බොහෝ දෙනෙක් පෙන්වා දී තියෙනවා.

මෙම මාධ්‍ය නාළිකා ඇයව කැබලිවලට ඉරා දැමුවා.. ඔවුන් ඇයව වට කර නිර්දය ලෙස මරාදැමූ නාළිකාය. එය ඉන්දියානු පුවත්පත් ඉතිහාසයේ වඩාත්ම පිළිකුල් කථාංගවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම මෙය ඉන්දියානු පුවත්පත් කලාවේ ලැජ්ජා සහගත කාල පරිච්ඡේදයක් බවට පත් වෙනු ඇති. විවිධ න්‍යාය පත්‍ර මඟින් මෙහෙයවමින් රියා චක්‍රබෝර්තිට එරෙහිව මාධ්‍ය විසින් කරන ලද දඩයම ඇගේ ජීවිතය විනාශ කළා පමණක් නොව, ඔවුන්ගේ ප්‍රවෘත්ති කාමරවල ගැඹුරු කුණුවීමද අනාවරණය කළා. ඉතින් බොහෝ දෙනා දැන් කල්පනා කරන්නේ සමාව ගැනීම ඇයට ගෙවිය යුතු අවම වන්දියක් ලෙසයි.

රියා නිදහස් කිරීමේ CBI වාර්තාව මතුවීමත් සමඟ, සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිළිබඳ ඇගේ අතීත අදහස් ද නැවත ජනප්‍රිය වෙමින් පවතී. 2020 දී, දින 28 ක අත්අඩංගුවේ පසුවීමෙන් පසු බයිකුලා බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වීමෙන් පසු ඇය සුෂාන්ත් සිං සමඟ ඇගේ සම්බන්ධතාවය පිළිබඳ විවෘතව කතාකළා.

එහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සුෂාන්ත් ඇගේ සිහින වල පෙනී සිට ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ සත්‍යය පවසන ලෙස ඉල්ලා සිටි බව ඇ‍ය සඳහන් කර තිබුණා. කෙසේ වෙතත්, සුෂාන්ත්ගේ පියා වන කේ.කේ. සිං ඇගේ ප්‍රකාශයන්ට දැඩි ලෙස විරුද්ධ වෙමින් “රියා චක්‍රබෝර්ති දිගු කලක් මගේ පුත් සුෂාන්ත්ට වස දුන්නා. ඔහුගේ ඝාතකයා ඇයයි. විමර්ශන ආයතනය ඇය සහ ඇගේ සහචරයින් අත්අඩංගුවට ගත යුතුයි.” යනුවෙනුයි ප්‍රකාශ කර තිබුණේ.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!