හමාස් දේශපාලන අංශයේ නායකයින් 19 දෙනාගෙන් තවත් දෙදෙනෙක් ඝාතනය වේ.. ඉතුරු 8යි..

ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයේ පිහිටි නසාර් රෝහලට ඉරිදා (මාර්තු 23) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර හමාස් දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව වාර්තා වෙනවා.

මේ අතර යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ සිය භූමි මෙහෙයුම් දිගටම කරගෙන ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් අවම වශයෙන් පස් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ හමාස් දේශපාලන අංශයේ සාමාජික ඉස්මයිල් බර්හූම් නම් නායකයාය. හමාස් සංවිධානයේ අල්-අක්සා රූපවාහිනිය වාර්තා කළේ බර්හූම් මීට පෙර සිදු වූ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

හමාස් සංවිධානයේ තවත් නායකයෙකු වන සලාහ් අල්-බර්ඩාවිල් ඛාන් යුනිස් හි සිදු වූ තවත් ප්‍රහාරයකින් මිය ගිය බව හමාස් මීට පෙර සඳහන් කළා.

අල්-බර්ඩාවිල් සහ බර්හූම් යන දෙදෙනාම සාමාජිකයින් 19 දෙනෙකුගෙන් යුත් හමාස් දේශපාලන අංශයේ සාමාජිකයින් වූ අතර 2023 අගභාගයේදී යුද්ධය ආරම්භ වූ දා සිට ඔවුන්ගෙන් 11 දෙනෙකු ඝාතනය කර ඇති බව හමාස් ආරංචි මාර්ග පවසනවා. ඉතිරි අට දෙනා බොහෝ විට ගාසා තීරයෙන් එපිට සිට යුද්ධය මෙහෙයවූ අය බවටයි විශ්වාස කෙරෙන්නේ.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...