මහ බැංකු අධිපතිවරයාගේ ව්‍යාජ වීඩියෝව සකස් කළ අය සොයා විමර්ශන..

තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය වන අයුරින් AI තාක්ෂණයෙන් සකසා සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසියේ ඉහළ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තියෙනවා.

මෙම වීඩියෝව සංසරණය වන සමාජ මාධ්‍ය වේදිකා ආදිය ඇසුරෙන් ඒ ගැන විමර්ශනය කරන බවයි එම නිලධාරියා සඳහන් කර ඇත්තේ.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම වීඩියෝව ගැන ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවට අනතුරු අඟවමින් මේ වන විට නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා අනුමත කරන බව දැක්වෙනසේ ව්‍යාජ ලෙස නිරූපණය කරන මෙම වීඩියෝවල අරමුණ ආයෝජන සඳහා ජනතාව යොමු කිරීම බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිසා එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවී මහ බැංකු නිල වෙබ් අඩවිය www.cbsl.gov.lk හා නිල මූලාශ්‍රවලින් තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගන්නැයිද සැකසහිත තොරතුරු පිළිබඳව පැහැදිලි කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකු නිල සන්නිවේදන නාළිකා වෙත වාර්තා කරන්නැයිද මහ බැංකුව එමගින් ඉල්ලා සිටියා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...