ආරක්ෂකයෙකුට පහර දී කොම්පඤ්ඤ වීදීයේ ක්ලබ් එකක යකා නැටූ යෝෂිතගේ මිතුරන් සොයයි

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණ කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

සමාජ ශාලාව තුළට ඔවුන් ඇතුළු කර ගැනීමේදී පැළඳිය යුතු අත් පළඳනාවක් පිළිබඳ ප්‍රශ්ණ කිරීම හමුවේ මෙම ආරවුල ඇති වී තිබුණා. ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය සමඟ පැමිණි අයෙකු අත්පලඳනාව පැලඳ නොසිටි බව පැවසෙන අතර පසුව ආරක්ෂක නිලධාරියා අත්පලඳනාව ගැන විමසීමේදී අදාළ පුද්ගලයින් ආරක්ෂක නිලධාරියාට පහර දී තියෙනවා.

මෙම සිදුවීම 22 වන දා රාත්‍රියේ සිදු වූ බව පවසන අතර මේ වන විට සිය පදිංචි ප්‍රදේශයෙන් බැහැරව සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. ඔවුන් සොයා දිගින් දිගටම විමර්ශන සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තියෙනවා.

පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!