මහින්ද පිළිගත් වරදට, හින්දු පුජකයකු ඝාතනය කෙරූ කරුණා පාර්ශවයේ හතරක් පෝරකයට

2007 වසරේ මාර්තු 18 වන දා හින්දු පූජකයෙකු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් හතර දෙනෙකුට මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්‍රභාකරන් විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

එල්.ටී.ටී.ඊ. කරුණා පාර්ශ්‍වයේ කටයුතු කළ වඩිවෙල් තිරුචෙල්වම් 47, කුලන්දෙවේල් පාස්කරන් 43, සෙල්වනායගම් ක්‍රිෂ්ණ රූබන් 38‍ සහ කරුණාකරන් මහේන්ද්‍රන් 42 යන සිව් දෙනෙකුට එරෙහිව ඉකුත් 21 වන සිකුරාදා මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම මරණ දඬුවම නියම කරනු ලැබ තිබුණා.

කරුණා පාර්ශවය 2007 වසරේ එවකට ජනාධිපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මඩකලපුව දිස්ත්‍රික්කයේ කරන ලද සංචාරයකදී ජනාධිපතිවරයා පිළිගැනීම යන චෝදනා එල්ල කරමින් අදාළ පූජකයා ඝාතනය කිරීමට කටයුතු කළ බවයි පැවසෙන්නේ.

පසුව ඉහත පිරිස විසින් මෙම පූජකයා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට මෙම නඩුවේදී කරුණු සනාථ වීමත් සමග ඔවුන් වෙත මරණ දණ්ඩනය නියම කිරීමට අධිකරණය පියවර ගනු ලැබුවා.

2007 වසරේදී එරාවුර් පොලිසිය මගින් මෙම නඩුව ගොනු කර නු ලැබූ අතරමෙම නඩුව වසර 17ක පමණ කාලයක් අධිකරණයේ විභාග කෙරුණා.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...