පාර්ලිමේන්තුවේ මේස පන්දු ශූරතාවය චන්ද්‍රානී පැරදූ කොට්ටහච්චිට

2025 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවය පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රීඩා කිහිපයකට සහභාගී වුණා.

එහි මේස පන්දු තරගාවලියේ කාන්තා ඉසව්වෙන් ජය වාර්තා කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිය.

ඇය සමඟ තියුණු තරගයක් දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල අනුශූරතාවය හිමි කර ගත්‍තා.

එමෙන්ම, යුගල මේස පන්දු තරගාවලියේ ජය වාර්තා කිරීමට නිලන්ති කොට්ටහච්චි සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සමත් වුණා.

මෙහි ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහලේකම් කුෂානි රෝහණධීර යන පිරිසගේ ප්‍රධානත්ත්වයෙන් සිදු කෙරුණා.

Latest News

error: Content is protected !!