‘කෝලි’ දෙයියන්ගේ දෙපා නමස්කාර කර දවසක් හිරේට ගිය පකීරා

රිතුපාන්රෝ පකීරා (Rituparno Pakhira) යනු පසුගිය සෙනසුරාදා ඉන්දීය ප්‍රිමියලීග් හි කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) එරෙහි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූර් (RCB) තරගය අතරතුර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ තණතිල්ල දිසට දිවගොස් තමා දෙවියන් මෙන් අදහන විරාත් කෝලිගේ පාද ස්පර්ශ කළ 18 හැවිරිදි තරුණයාය.

ඒ සඳහා එක් දිනක් පොලිස් අත්අඩංගුවේ සිටීමට පකීරාට සිදු වුණා. පොලිස් අත්අඩංගුවේ දිනක් සහ IPL වාරයේ ඉතිරි කාලය සඳහා ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයට ඇතුළුවීම ද ඔහුට තහනම් කෙරුණා. නමුත් පකීරාට නම් දෙවියන්ට අත තැබූ පසු එම දඬුවම් සියල්ල ඉතා සුළු දඬුවම් පමණක් ලෙසයි දැනී ඇත්තේ. ඔහු ඒ තරමටම විරාත් බැතිමතෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අංකුර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔහු එම අත්දැකීම විස්තර කර තිබුණේ මෙසේය.

“මම ඔහුගේ පාද ස්පර්ශ කළ මොහොතේ විරාත් කෝලි සර් මාව ඔසවාගෙන ‘ජල්දි සේ භාග් ජා’ (වේගයෙන් දුවන්න) යැයි කිව්වා. කෝලි සර් මාව අල්ලා ගැනීමට පැමිණි ආරක්ෂක නිලධාරීන්ගෙන් පවා මට පහර නොදෙන ලෙස ඉල්ලා සිටියා. මාව මෘදු ලෙස ක්‍රීඩා භූමියෙන් පිටතට ගෙන යන ලෙස ඔවුන්ට පැවසුවා.” ඔහු සමඟ කෙටි සංවාදය අතරතුර කෝලි ඔහුගේ නම විමසූ බවද ඔහු සඳහන් කර තිබුණා.

පකීරාට ඇප ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ කිසිදු ලෙසකින් කණගාටු නොවන බවයි ඔහු සඳහන් කළේ.

සාපරාධී බලය යෙදීම, අනවසරයෙන් ඇතුළුවීම සහ අන් අයගේ ජීවිත හෝ ආරක්ෂාව අනතුරේ හෙළන නොසැලකිලිමත් ක්‍රියාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉරිදා ඔහු පොලිස් භාරයට යවා ඇති අතර අධිකරණය, ‘ජීවිතයේ කෝලි මෙන් වන්න.. නමුත් අන් අයගේ ජීවිත අවධානමට නොදමන්නැ’යි ඔහුට අවවාද කළ බව සඳහන්ය.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!