ඊශ්‍රායල ප්‍රහාරවලින් ‘පලස්තීන ටුඩේ’ හා ‘අල් ජසීරා’ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගාසා තීරයේ සිදු වූ ප්‍රහාර දෙකකින් ඊශ්‍රායලය, පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කරනු ලැබුවා.

Palestine Today වාර්තාකරු මොහොමඩ් මන්සූර් ඛාන් (Mohammad Mansour) යුනිස් නගරයට උතුරින් පිහිටි ගුවන් ප්‍රහාරයකින් මිය ගිය අතර Al Jazeera වාර්තාකරු හොසම් ෂබාත් (Hossam Shabat) එම ප්‍රදේශයේ උතුරේ සලාහ් අල්-ඩින් වීදියේදී ඔහුගේ මෝටර් රථය ඉලක්ක කර එල්ල වු ප්‍රහාරයකින් ඝාතනය කෙරුණා.

ගාසා තීරයේ රජයේ මාධ්‍ය කාර්යාලය පැවසුවේ “ඊශ්‍රායල ආක්‍රමණය මගින් පලස්තීන මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම සහ ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින” බවයි.

“ගාසා තීරයේ පලස්තීන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහි මෙම ක්‍රමානුකූල අපරාධ” හෙළා දකින ලෙස මාධ්‍ය නිරීක්ෂකයින්ගෙන් ද ඉල්ලීම් කර තියෙනවා.

මෙම ඝාතන දෙකත් සමඟ 2023 ඔක්තෝබර් මාසයේ සිට පලස්තීන භූමියේ මියගිය මුළු මාධ්‍යවේදීන් සේවකයින් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!