‘මයෙ රත්තරං රනිල් පුතේ’ ඔන්න ඔය තෙල් නැව් එන එක නවත්තමු

කට අරිනකොට රත්තරං, මැණික, බුදු අම්මා, බුදු පුතා වගේ වචන විදින මිනිස්සුන්ගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. ඒ මනුස්සයා චීවරයක් දාගත්තු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් හෝ වෙනත් ආගමික පීතෘවරයෙක් ලෙස පෙනී සිටිනවා නම් තවත් පරිස්සම් වෙමු.

පහුගිය ජනාධිපතිවරණයේ අන්තිම මොහොතේ ගහන්න තියෙන සියලුම තුරුම්පු ගහලා වැසිකිළි පෝච්චියේ ඉඳලා ටකරම දක්වා බෙදලා, ඒත් දිනනන් බෑ කියන ලෙවල් එකට ආවම අති පුජනීය ගෞරවනීය දොඩම්පහළ රාහුල උපදේශකයාණෝ වහන්සේ හිටපු ජනාධිපතිවරයාට උපදෙස් දුන්නලු තෙල් ගේන එක වහාම නතර කරන්න කියලා.

මයෙ රත්තරං ජනාධිපති පුතේ, අපි බුදු අම්මලා බුදු තාත්තලා බුදු පුතාලා ආයේ නන්නත්තාර වෙන්න ඔන්න ඔය තෙල් ගෙන එක ටික දවසකට නතර කරමු කියලා වෙව්ල වෙව්ල කිව්ව විදිය මැවිලා පේනවා. බණකට කිව්ව නම් එහෙම සැදැහැවත් උවැසි උවැසියොන්ට ඇඬිලා සාදු සාදු කියලත් කියවෙන්න තිබුණා.

Latest News

error: Content is protected !!