කච්චතිව් ශ්‍රී ලංකාවට ද? ඉන්දියාවට ද? ඓතිහාසික අවසන් තීන්දුව සැප්තැම්බර් 15 වැනිදා

කච්චතිව් දූපත් රාජ්‍යයට ‘පවරාදීම’ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව දශකයකට වැඩි කාලයක් පැරණි අභියෝගයක පෙත්සම්කරු ලෙස 2018 දී අභාවප්‍රාප්ත වූ හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි වෙනුවට ඩී.එම්.කේ. නායක ටී.ආර්. බාලු පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (2025 මාර්තු 25) අවසර ලබා දුන්නා.

1974 ජුනි 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 මාර්තු 23 වන දින තවත් ගිවිසුමක් හා කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට භාරදීම සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කරු පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ පී. විල්සන් විසින් ඉදිරිපත් කරන ලද කෙටි මූලික ඉදිරිපත් කිරීමක් ඉන්දීය අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබුවා.

නඩුව සැප්තැම්බර් 15 වැනි දින අවසන් විභාගයට ගැනීමට ද අධිකරණය එහිදී නියෝග ලබා දුන්නා.

නීතිඥ පී. විල්සන් පවසා ඇත්තේ, ඔහුගේ වාචික ඉදිරිපත් කිරීම් සඳහා ආසන්න වශයෙන් දිනක් ගතවනු ඇති බවයි.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...