පාකිස්තානය දියත් කළ පළමු දේශීය චන්ද්‍රිකාව වතුර ටැංකියක්…

අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් හා තාක්ෂණික විශිෂ්ඨත්වයක් සලකුණු කරමින් පාකිස්තානය මේ වසර මුලදී ඉලෙක්ට්‍රෝ-ඔප්ටිකල්-1 නිරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව දියත් කළා.

ජනවාරි 17 වන දින, පාකිස්තානය සිය පළමු දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද EO-1 චන්ද්‍රිකාව චීනයේ ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කිරීම ඇත්ත වශයෙන්ම රටක් වශයෙන් තැබූ දැවැන්ත පියවරකි.

පාකිස්තානයේ අභ්‍යවකාශ හා ඉහළ වායුගෝලීය පර්යේෂණ කොමිසමේ (SUPARCO) කරච්චි සංකීර්ණයේ සිට සජීවීව විකාශනය කරන ලද මෙම ඓතිහාසික සිදුවීම සිය ජාතිය අභ්‍යවකාශ ගවේෂණය සඳහා තැබූ නිර්භීත පියවරක් ලෙස පාකිස්තානුවන්ගේ ආඩම්බරයට හේතුවුණා. කෙසේ වෙතත් චන්ද්‍රිකාව දියත් කිරීමත් සමඟම අන්තර්ජාලය තුළ මීම්ස් නිර්මාණය කරමින් හාස්‍යයට ලක් වූ අතර බොහෝ පරිශීලකයින් රොකට්ටුවේ හැඩය ජල ටැංකියක් හා සන්සන්දනය කරනු දැක ගත හැකි වුණා.

එය පුළුල් ට්‍රොල් කිරීමක් දක්වා විහිදී ගියේ චන්ද්‍රිකාවේ ඡායාරූපය අසල ජල ටැංකිවල පින්තූර පළ කරමින් උපහාසයට ලක් කිරීමත් සමඟයි.

ඇතැම් පරිශීලකයින් චන්ද්‍රිකාව තුළද ජලය ඇති බවට අනුමාන කර තිබුණා. අන්තර්ජාලයේ සමච්චල් කිරීම් නොතකා තවත් බොහෝ දෙනෙක් මෙම සන්ධිස්ථානය අභ්‍යවකාශ තාක්ෂණයේ පාකිස්තානයේ ප්‍රගතියක් ලෙස අගය කර ඇති ආකාරයද දැකගත හැකි වුණා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...