කච්චතිව් ශ්‍රී ලංකාවට ද? ඉන්දියාවට ද? ඓතිහාසික අවසන් තීන්දුව සැප්තැම්බර් 15 වැනිදා

කච්චතිව් දූපත් රාජ්‍යයට ‘පවරාදීම’ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව දශකයකට වැඩි කාලයක් පැරණි අභියෝගයක පෙත්සම්කරු ලෙස 2018 දී අභාවප්‍රාප්ත වූ හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි වෙනුවට ඩී.එම්.කේ. නායක ටී.ආර්. බාලු පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (2025 මාර්තු 25) අවසර ලබා දුන්නා.

1974 ජුනි 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 මාර්තු 23 වන දින තවත් ගිවිසුමක් හා කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට භාරදීම සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කරු පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ පී. විල්සන් විසින් ඉදිරිපත් කරන ලද කෙටි මූලික ඉදිරිපත් කිරීමක් ඉන්දීය අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබුවා.

නඩුව සැප්තැම්බර් 15 වැනි දින අවසන් විභාගයට ගැනීමට ද අධිකරණය එහිදී නියෝග ලබා දුන්නා.

නීතිඥ පී. විල්සන් පවසා ඇත්තේ, ඔහුගේ වාචික ඉදිරිපත් කිරීම් සඳහා ආසන්න වශයෙන් දිනක් ගතවනු ඇති බවයි.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...