ඇමරිකාවේ ටෙක්සාස් ගුවන් තොටුපළේ නිරුවතින් යකා නැටූ ‘වීනස් දෙව්දුව’

වීනස් දේවතාවිය ලෙස තමා හඳුන්වා ගන්නා කාන්තාවක් ටෙක්සාස් ගුවන් තොටුපළේ පසුගිය දා නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය කර තිබුණා.

ඒ නිරුවතින් පැමිණ කලහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමඟය. මාර්තු 14 වන දින ඩලස් ෆෝර්ත් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙම උමතු සිදුවීම සිදු වූ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ගුවන් තොටුපළේ නිරුවතින් සැරිසැරූ ඇය මිනිසුන්ට පැන්සල්වලින් අනිමින් කාර්යමණ්ඩලයට පහර දුන් බව සඳහන්ය.

පසුව අත් අඩංගුවට පත් වීමෙන් පසු ඇයට එදින ඇගේ ඖෂධ ගැනීමට අමතක වූ බව පැවසූ අතර ඇගේ අට හැවිරිදි දියණිය සමඟ ගමන් කරමින් සිටි බව පවසා තිබුණා.

ඇගේ උමතු හැසිරීම දුටු මඟීන් කම්පාවට පත් වූ අතර ඇය ගුවන් තොටුපළේ රූපවාහිනී ඇතුළු සැලකිය යුතු දේපළ ප්‍රමාණයකට ද හානි සිදු කර තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...