ඉතිහාසයේ දරුණුම ලැව්ගින්නට මුහුණ දෙන දකුණු කොරියාව

මේ වන විට දකුණු කොරියාවේ ඇවිළී යන මාරාන්තික ලැව්ගින්න, රටේ “වාර්තාගත විශාලතම” ලැව්ගින්න බව දකුණු කොරියාවේ ආපදා ප්‍රධානියා බ්‍රහස්පතින්දා (මාර්තු 27) අනාවරණය කරනු ලැබුවා.

මීට පෙර ලැව්ගිනි ඇවිලී ගිය අන් සෑම අවස්ථවාකටම වඩා විශාල වනාන්තර ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මෙවර ලැව්ගිනි ඇවිළී යාමෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 27 දක්වා ඉහළ ගොස් ඇති අතර අභ්‍යවකාශයේ සිට ලබාගත් ඡායාරූප වලින් ද විශාල හානියක් දැකගත හැකිව තියෙනවා. සති අන්තයේ දී, ගිනිකොන දෙසින් ඇති වූ ලැව්ගිනි හේතුවෙන් 27,000 ක් පමණ ජනතාවකට තම නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යාමට බල කෙරුණා.

මධ්‍යම උයිසොං ප්‍රාන්තයෙන් ආරම්භ වූ ගින්න මේ වන විට හෙක්ටයාර 35,000 කට (අක්කර 81,500) ටත් වඩා ආක්‍රමණය කර අවසන්ය. බොහෝ විනාශයක් කරමින් තවදුරටත් එය පැතිර යමින් පවතී. පසුගිය දිනක කාල සීමාව තුළ ගිනි පැතිරීමේ වේගය දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණා. මීට පෙර ලැව් ගින්නකින් දකුණු කොරියාවට වූ විශාලතම හානිය වාර්තා වූයේ 2000 වසරේ මාර්තු මාසයේදීය. එම ගින්නෙන් විනාශ වූ ප්‍රමාණය හෙක්ටෙයාර 24,000 (අක්කර 59,000) කි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!