ආලියා බාත් රන්බීර්ගේ පළමු බිරිය නෙවෙයි.. රන්බීර්ගේ පළමු විවාහය ගැන පුදුම හිතෙන අනාවරණය..

2018 සිට ආලියා භාත් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීමෙන් පසු රන්බීර් කපූර් 2022 අප්‍රේල් මාසයේදී ආලියා භාත් සමඟ විවාහ වූ බව කිසිවකුට රහසක් නෙවෙයි. බොලිවුඩයේ ආදරණීයම ජෝඩුවක් ලෙස සැලකෙන රන්බීර් හා ආලියාගේ ලෝකය රාහා පැමිණි පසු පරිපූර්ණ එකක් බවට පත් වුණා. ඒත් ආලියා රන්බීර්ගේ දෙවැනි විවාහය බව දන්නේ කීයෙන් කීදෙනාද?

එහෙත් සියල්ල උඩු යටිකුරු කරමින් රන්බීර් මෑතකදී කළ ප්‍රකාශයක් සියල්ලන්ගේ කම්පනයට හේතු වුණා. සාමාන්‍යයෙන් රන්බීර්ගේ කතා ගොඩක්ම බර උපහසාය සහ හාස්‍යය පැත්තට. ඒත් පළමු විවාහය ගැන ප්‍රකාශයක් එතරම් සැහැල්ලු ජෝක් පැත්තට දාන්න බැහැ. ඉතින් ඒ නිසාම මේක යම්කිසි තීව්‍ර අනාවරණයක් විය හැකි බවයි බැලූ බැල්මට පෙනුණේ.

ඇත්ත වශයෙන්ම එය ඔහුගේ බොලිවුඩ් කර්මාන්තයට මුල් අවදියේ මතකයන් හා බැඳුනකි. ඔහුට එය රසික ආදරය ලැබීමට පටන් ගත් මුල් වකවානුව වූ අතර සිදුවීම බද්ධ වන්නේ ආසාමාන්‍ය රසිකත්වයකටයි.

දැඩි රසිකාවියක් ඔහුගේ නිවසේ ගේට්ටුව අසල විවාහ චාරිත්‍රය සිදුකරමින් ඔහු හා විවාහ වී තිබුණා.

“මම පිස්සු කියලා කියන්නේ නැහැ. මොකද ඒක සෘණාත්මක අදහසක්. නමුත් මට මතකයි. මගේ මුල් කාලයේ ගැහැණු ළමයෙක් හිටියා. මම කවදාවත් ඇයව මුණගැසී නැහැ. නමුත් මගේ මුරකරු මට කිව්වා ඇය පූජකයෙක් එක්ක ඇවිත් මගේ ගේට්ටුව විවාහ කරගත්තා කියලා. මම මගේ දෙමව්පියන් සමඟ ජීවත් වූ බංගලාවේ ගේට්ටුවේ ටිකා සහ මල් කිහිපයක් තිබුණා. මම ඒ කාලේ නගරයෙන් පිට හිටියේ. මම හිතන්නේ, ඒ නිසා ඒක හරිම පිස්සුවක්. මම තාම මගේ පළමු බිරිඳව මුණගැහිලා නැහැ. ඒ නිසා මම කවදා හරි ඔයාව මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා.”

ඉතින් රන්බීර්ගේ පළමු බිරිඳ ආලියා මිස වෙන කිසිවෙකුත් නොවේ. පළමු විවාහය යැ‍යි රන්බීර් කියන විවාහය හුදෙක් ඔහුගේ රසිකාවියක් මනසින් සන්සින්දුවාගත් ආශාවක් පමණයි. සංජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටයක් වන “Black” හි සහකාර අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කරනු ලැබූ රන්බීර් කපූර්ව ආලියා මුලින්ම දුටුවේ ඇයට වයස අවුරුදු 11 ක් තරම් ලාබාල වියේදීය. 2014 දී බොලිවුඩයට පිවිසි ආලියා කොෆි විත් කරන් වැඩසටහනේදී ඇය විවාහ කර ගැනීමට කැමති බොලිවුඩ් නළුවා ලෙස නම් කළේ රන්බීර් කපූර්ය. ඔවුන් පළමු වරට අයන් මුකර්ජිගේ Brahmastra චිත්‍රපටයේ එකට පෙනී සිටියා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!