සත්ව සංගණන වාර්තාව පරක්කු වේවි..

සත්ව සංගණන වාර්තාව පරක්කු වේවි..

මාර්තු 15 වන දින දිවයින පුරා පවත්වන ලද ජාතික සත්ව සංගණනයේ ප්‍රතිඵල අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද එය තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වෙනවා.

මෑතකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ ජාතික සත්ව සංගණනයේ දත්ත අඩංගු වාර්තාව අද (28) ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත්, එහි ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු මාධ්‍ය වෙත පැවසූ ආකාරයට කමිටුව අද රැස්වී තවදුරටත් දත්ත සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය.

Latest News

error: Content is protected !!