මියන්මාරයට හා තායිලන්තයට වෛද්‍ය කණ්ඩායම් සමඟ ඖෂධ යැවීමට ශ්‍රී ලංකාව සූදානම්

මියන්මාරයේ හා තායිලන්තයේ පසුගිය දා සිදු වූ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය සිකුරාදා මියන්මාරයේ සිදුවූ භූමිකම්පාව හේතුවෙන් විපතට පත් මියන්මාර සහ තායිලන්ත ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

“මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ, ඒ වගේම අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ලබාදීමට දැන් රජය මැදිහත් වෙලා කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම මේ වෙලාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවාට පසුව, ඔවුන්ට වෛද්‍ය සහාය අවශ්‍ය කරනවා. ඒ අනුව අපි මෙවැනි අවස්ථාවලදී අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු සහිතව වෛද්‍ය හෙද සෞඛ්‍ය කණ්ඩායමක් දැනටමත් සුදානම් කරලා තියෙන්නේ. මෙය අපි විශේෂ කටයුතු අමාත්‍යාංශය හරහා මියන්මාර තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. ඔවුන් කිව්වා සුදානම් කර තබාගන්න අවශ්‍ය වූ වහාම ඒ බව දැනුම් දෙන බව. ඒ අනුව පණිවුඩයක් ලැබෙන තුරු අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුව ඉන්නවා”යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...