ළාබාල කොරියානු නිළියගේ මරණයට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ අනන්තෙන් ආ තරු කුමරාගේ පාපෝච්චාරණය

දකුණු කොරියානු තරුවක් වන කිම් සූ-හ්යුන් (Kim Soo-hyun) මීට මාසයකට පමණ ඉහත දී සිය දිවි හානි කරගැනීමෙන් මිය ගිය ජනප්‍රිය ළාබාල නිළි කිම් සේ රොන්ගේ (Kim Sae-ron) මරණය සම්බන්ධයෙන් ඔහුට එල්ල වන චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා.

ඒ ඊයේ (මාර්තු 31) පැවති මාධ්‍ය හමුවක් අතරතුර කඳුළු සලමින්ය.

කිම් සූ හ්‍යුන් රංගනයෙන් දායකවූ කොරියාවේ ජනප්‍රිය කතාමාලාවක් වන “My Love from the Star” කතාමාලාව ලංකාවේ “අනන්තයෙන් ආ තරු කුමරා” ලෙස විකාශය වූ අතර කිම් සූ ඒ කතා මාලාව නිසා ලාංකිකයන් අතරද ඉමහත් ජනාදරයට පත් වුණා.

37 හැවිරිදි කිම් සූ හ්‍යුන් මෙම මාධ්‍ය හමුවේදී කඳුළු සලමින් ඔහු ඇය සමඟ සම්බන්ධතාවයක් පවත්වද්දී ඇය බාල වයස්කාරියක් යන චෝදනාව එක හෙළා ප්‍රතික්ෂේප කර සිටියා. සම්බන්ධතාවය ආරම්භ වුණේ ඇය වැඩිහිටියකු වූ 2019-2020 අතර කාල සීමාවේ බවයි කිම් සඳහන් කළේ.

මීට පෙර ඔහුගේ පාර්ශවයෙන් ඇය සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ බව ද ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව මිය ගිය කිම් සේ රොන් සමඟ ඔහු සම්බන්ධතාවක් පැවැත්වු බව පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

“මුලින් ම, මට කනගාටු යි. මම හිතනවා මම නිසා ගොඩක් අය විඳවනවා කියලා, මරණයට පත්වුණු කෙනාට සමාදානයෙන් සැතපෙන්න බැරි වුණු එක ගැනත් මට කනගාටුයි”

“අපි ආදර සම්බන්ධයක් පැවැත්වූයේ මරණයට පත්වුණු කෙනා බාලවයස්කාරියක් විදිහට හිටිය කාලයේ නෙවෙයි හා මියගිය තැනැත්‍තිය මෙම ඛේදජනක තේරීම කළේ මගේ නොදැනුවත්කම නිසා හෝ අපේ ඒජන්සිය ඇයගේ ණය ගෙවීමට ඇයට බලපෑම් කළ නිසා කියන එක ඇත්තක් නොවෙයි,” යැයි පවසමින් කිම් සූ හ්‍යුන් කිම් සේ රොන්ගේ මරණයෙන් දුකට පත් පවුල විසින් සිදුකරනු ලබන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

“අපි දෙන්නම නළු නිළියන් වීම හැරුණු විට, අපේ සම්බන්ධතාවය වෙනත් ඕනෑම සාමාන්‍ය යුවළකගේ සම්බන්ධතාවයක් හා සමානයි” ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.

කිම් සේ-රොන්ට වයස අවුරුදු 15 දී ආරම්භ වූ වසර හයක සම්බන්ධතාවයක් ඇති බවට වන වීඩියෝ සහ ඡායාරූප යූ ටියුබ් නාලිකාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම මතභේදය උද්ගත වී තිබුණා. ඇගේ පවුලේ නීතිඥවරයා පසුව 2016 දී ඇයට වයස අවුරුදු 16 දී ඔවුන් අතර සිදුවූ කතාබස්වල සාක්ෂි ඉදිරිපත් කිරීමත් සමඟ කිම් සූ හ්‍යුන් වෙත පුළුල් මහජන විරෝධයක් එල්ල වීමට පටන් ගත්තා.

මිලියන 21.26ක් දක්වා ළඟා වී තිබූ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් සංඛ්‍යාව, චෝදනා එල්ල වීමෙන් සති දෙකකින් පමණ පසු මිලියනයකින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතව තිබූ කිම් සූ හ්‍යුන් රංගනයෙන් දායක වන ‘Knockoff’ ඩිස්නි ප්ලස් ටෙලිකතා මාලාව තිරගත කිරීම කල් දැමීමට තීරණය කර ඇති බවද ඒ අතර වාර්තා වෙනවා.

කිම්ගේ නීති කණ්ඩායම කිම් සේ-රොන්ගේ පවුලට සහ යූ ටියුබ් නාලිකාවට එරෙහිව අපරාධ පැමිණිලි ගොනු කර ඇති අතර, කොරියානු වොන් බිලියන 12 ක (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 8.1 ක) වන්දි ඉල්ලා සිවිල් නඩුවක් ගොනු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන්ය.

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!