කාසල් රෝහලේ ශුක්‍රානු බැංකුවට ශුක්‍රානු පරිත්‍යාග කිරීමට විශාල ඉල්ලුමක්: කාන්තාවන් හතරක් දැනටමත් ගැබ්ගෙන

කොළඹ කාසල් විදියේ කාන්තා රෝහලේ ස්ථාපිත ශුක්‍රාණු ධාතු බැංකුවෙන් ශුක්‍රාණු ලබාගෙන තැන්පත් කිරීමෙන් පසුගිය මාස තුන තුළදී කාන්තාවන් හතර දෙනකු සාර්ථකව ගැබ් ගෙන ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පවසනවා.

කාන්තාවන් 20කට පමණ IUI ( Intra Uterine Insemination) ක්‍රමවේදය ඔස්සේ ඔවුන්ගේ ගර්භාෂය තුළ සක්‍රීය ශුක්‍රානු තැන්පත් කිරීම සඳහා පසුගිය මාස තුන තුළදී බැංකුවෙන් පරිත්‍යාග කර ඇති බවත් එමඟින් 4ක් සාර්ථකව ගැබ් ගත් බව හා ඔවුන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය නොමිලේ ලබා දෙන බව වෛද්‍ය දන්තනාරයන මහතා සඳහන් කළා.

රටේ ඕනෑම ප්‍රදේශයක සිටින කාන්තාවකට පැමිණ මෙමගින් ප්‍රතිකාර ලබාගෙන ගැබ් ගැනීමෙන් අනතුරුව තමන්ට පහසු ආකාරයෙන් ප්‍රදේශයේ තිබෙන ළඟම ඇති රෝහලකින් හෝ මාතෘ සායනයකින් ප්‍රතිකාර ලබා ගත හැකි බව ඒ මහතා කියා සිටියා.

රජයේ රෝහලක ප්‍රථමවරට ස්ථාපිත මේ බැංකුව පසුගිය දෙසැම්බර් 04 වැනිදා ආරම්භ කරනු ලැබුවා.

ඉන් අනතුරුව පුද්ගලයින් 40දෙනෙකු පමණ එහි ලියාපදිංචි වූ බව සඳහන්ය.

පුරුෂයකුගෙන් ශුක්‍රානු ලබා ගැනීමේදී පරික්ෂණ ගණනාවකට ලක් කරන බවත් එච්.අයි.වී, හෙපටයිටිස්, දියවැඩියාව, කොලෙස්ටරෝල් යනාදී පරීක්ෂණ ගණනාවක් සිදු කරන අතර වයස 45 දක්වා පිරිසගෙන් මේ සඳහා ශුක්‍රානු ලබා ගන්නා බව ද වෛද්‍ය දන්තනාරයන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

මෙම පරිත්‍යාගය කිරීමට පැමිණෙන පුද්ගලයන්ගේ ජාන පරික්ෂාව ඇතුළු සුදුසුකම් පරීක්ෂා කරන බවද ඒ මහතා පැවසුවා.

ශුක්‍රාණු පරිත්‍යාග කිරීම් සඳහා දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් දිනකට ලැබෙන බවත් සුදුසුකම් පරීක්ෂා කර බලා ඔවුන්ට දින ලබා දී කැඳවීම සිදුකරන බවත් ඒ මහතා සඳහන් කරනවා.

මද සරභාවයෙන් පෙළෙන මවුපියන්ට මෙම අවස්ථාව විශාල සහනයක් වන අතර 0112678999 හෝ 0112672216 දුරකතන අංකවලින් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Latest News

More like this

ව්‍යාජ රිසිට් පත් සකස් කළ මිලියන ගණනින් බඩු මුට්ටු, සුරතල්ලු මිලදීගෙන.. සැකකරු අල්ලයි

මාර්ගතව ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ව්‍යාජ ගෙවීම් රිසිට්පත්...

දුෂ්කරම පරිච්ඡේදය නිමා කර මනාළියක් වූ හීනා ඛාන්

ජනප්‍රිය රූපවාහිනී නිළි හීනා ඛාන් ඇගේ දිගුකාලීන පෙම්වතා වන...

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ලබන වසරේ ජනාධිපතිවරණ සටනට එක්වීමට ඉදිරිපත්ව සිටි කොලොම්බියානු සෙනෙට්...

වසරකට පොල්ගෙඩි මිලියන 3000ක ඉලක්කයක්.. හැබැයි මිලියන 200ක්ම කන්නෙ රිළව්

රිලවුන්, වඳුරන්, දඬුලේනුන් වසරකට ගෙඩි මිලියන 200ක් පමණ විනාශ...
error: Content is protected !!