ගුජරාටයේ රතිඤ්ඤා කර්මාන්‍ත ශාලාවක පිපිරීමක්..

ගුජරාටයේ බනස්කාන්තා දිස්ත්‍රික්කයේ රතිඤ්ඤා කම්හලක අඟහරුවාදා (අප්‍රේල් 01) උදෑසන සිදුවූ ඛේදජනක පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසනවා.

දීසා නගරය අසල කාර්මික ප්‍රදේශයේ උදෑසන 9:45 ට පමණ මෙම පිපිරීම සිදු වූ අතර, එමඟින් කර්මාන්ත ශාලාවේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් කඩා වැටී තිබුණා.

පස් දෙනෙකු තුවාල ලැබූ මෙම සිදුවීම කලාපය පුරා කම්පනයක් ඇති කර ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ එයට ගොදුරුවූවන් බොහෝ දුරට මධ්‍ය ප්‍රදේශ්හි කම්කරුවන් වන බව සඳහන්ය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම පවුලේ සාමාජිකයන් ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබූ බව වාර්තා පවසනවා. සේවකයින් කඩා වැටුණු සුන්බුන් අතර සිරවී සිටියා.

මෙම කර්මාන්ත ශාලාව සක්‍රීයව රතිඤ්ඤා නිපදවන ආයතනයක් නොව රතිඤ්ඤා ගබඩා කරනු ලබන තැනක් බව වාර්තා සඳහන් කරනවා. කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!