අයිපීඑල් අතර නැගලා යන කුමාර් සංගක්කාර හා මලයිකා ආරෝරාගේ පෙම් පළහිලව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ජනප්‍රිය බොලිවුඩ් නිළි මලයිකා ආරෝරා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවට සැක පළ කෙරෙන ඡායාරූප කිහිපයක් ප්‍රධාන ඉන්දීය මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තා කර තියෙනවා.

කුමාර් සංගක්කාර 2025 ඉන්දීය ප්‍රිමියලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

එහි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන කුමාර් සංගක්කාර සමඟ, ගුවහාටි හි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය නැරඹීමට මලයිකා ආරෝරා එක් වී සිටියා.

මෙය පටන් ගැනුණේ ඔවුන් දෙදෙනා එකට තරගය නරඹන ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් හුවමාරු වීමත් සමඟය.

මලයිකා තරගය නරඹන්නේ RR ජර්සියකින් සැරසී වන අතර සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇයට කණ්ඩායමට ඇති සම්බන්ධතාවය කුමක්දැයි සමාජ මාධ්‍යවල ප්‍රශ්ණ කරනු ලැබුවා. බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණෙ ඇයට කණ්ඩායමට කිසි සම්බන්ධතාවයක් නැති මුත් පුහුණුකරු වන සංගක්කාර සමඟ යම් සම්බන්ධතාවයක් ඇති බව පෙනෙන්නට ඇති බවයි.

මේ අතර, මලයිකා සහ කුමාර්ගේ වීඩියෝවක්ද සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් පවතින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, එම කටකතා පිළිබඳ කිසිදු සත්‍යතාවයක් තහවුරු කිරීමට ඉන්දීය මාධ්‍ය සමත් වී නැහැ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...