පාකිස්තානය භීතියට පත් කරමින් ප්‍රබල භූමිකම්පාවක්

පාකිස්තාන-ඇෆ්ගනිස්ථාන දේශසීමා ප්‍රදේශවල අද (අප්‍රේල් 02) ප්‍රබල භූමිකම්පා කම්පන කිහිපයක් වාර්තා වී තියෙනවා.

මෙම තත්‍ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් භීතියට පත්ව ඇති බවයි වාර්තාවන්නේ. භීතියට පත් ජනතාව තම නිවාසවලින් සහ ගොඩනැගිලිවලින් පිටතට දිව ගොස් තියෙනවා.

පාකිස්තානයේ භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 5.0 ක ප්‍රබලත්වයක් පෙන්නුම් කරනවා.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කඳුකර ප්‍රදේශයේ පිහිටා ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ.

තීව්‍ර කම්පනයක් ඇති වුවත්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නැහැ.

Latest News

error: Content is protected !!