මියන්මාරයේ අසරණ වූ ජනතාවට ලංකාවෙන් රුපියල් කෝටි 30ක ආධාර

මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හෙවත් රුපියල් කෝටි 30ක හදිසි මූල්‍ය ආධාරයක් දීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම මූල්‍ය ආධාරයට අමතරව වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මියන්මාරයට යැවීම පිණිස සූදානම් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

මෙරට භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීම මත රැස් කරන ද්‍රව්‍යමය ආධාර කඩිනමින් මියන්මාර ජනතාවට ලබාදීම සඳහා රජය මැදිහත්වීම මත පියවර ගැනීමට රජය තීරණය කර ඇති බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට මියන්මාරයේ පසුගිය දා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 2700 ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම පුද්ගලයින් විශාල පිරිසක් අතුරුදන්ව තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරට ලක්වී රෝහල්ව ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙනවා.

බෞද්ධ රාජයන් දෙකක් වශයෙන් දෙරට ජනතාව අතර පවතින දිගු කාලීන සමීප සබඳතාව සැලකිල්ලට ගෙන මියන්මාර ජනතාව වෙත සහන සැලසීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ දායකත්වය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...