සහල් හිඟයකට පෙර ආනයනය කෙරේ..

හිඟයකින් තොරව රට තුළ සහල් ලබා දීම අරමුණු කරගෙන ඉදිරියේ දී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්‍ෂිත කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මේ දිනවල වී අස්වනු නෙළන සමය වුවද වෙළඳපොලෙහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන හෙයින් හා වෙළඳපොළෙහි ඇතැම් සහල් වර්ග හිඟයක් ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි ආහාර කමිටුව සඳහන් කළ සිටියේ.

මේ අනුව ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව ආහාර කමිටුවේ අවධානය යොමුව තියෙනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යය කේ. ඩී. ලාල්කාන්ත වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹුණා.

මේ වසරේ පැවති අධික වර්ෂාව නිසා අවස්ථා දෙකකදී වගා හානි වීමෙන් අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු පහළ යෑමක් සිදුවූ බවද මෙම කමිටු රැසීමේදී අනාවරණය කෙරුණා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!