අසල්වැසි අගමැති මෝදි අද ලංකාවට

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තියෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙවර සංචාරයට එක් වන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සියවසක් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන අරමුණ පෙරදැරි කර ගනිමින්ය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය 05 වැනිදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වීම හා දෙපාර්ශවික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගී වීමත් සිදු කෙරෙනු ඇති.

මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමද සිදු කෙරෙනවා.

ඉන්දියානු සහයෝගිතාවෙන් සිදුකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති ආවරණය කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් පන්දහසක දාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන පන්සීයක හෙවිලි මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ග ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තියෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර අනුරාධපුර ශ්‍රී මහා බෝධි සමිඳු වැඳ පුදා ගැනීමටත් ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය හා නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගයේ නිල වශයෙන් විවෘත කිරීමටද එක් වනු ඇති.

අප්‍රේල් 6 වෙනිදා පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිමාකොට ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා නැවත ඉන්දියාව බලා පිටත්ව යාමටද නියමිතයි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!