දෙගුණයක් මිල ගෙවා, මරන්න ගෙන ගිය කුකුල්ලුන්ව බේරා ගත් ආසියාවේ ලොකුම සල්ලිකාරයාගේ පුතා

ආසියාවේ ලොකුම සල්ලිකාරයාගේ බාල පුතා ආනන්ත් අම්බානි කිලෝමීටර් 140 ක වන්දනා පාද යාත්‍රාවකට එකතු වුණු පුවතකට ඉන්දීය සමාජ මාධ්‍යවල ඉහළ ප්‍රතිචාරයක් හිමිවී තිබුණා.

ජම්නගර් සිට ද්වාරකා දක්වා මේ ගමන අතරතුර ඝාතනය සඳහා ප්‍රවාහනය කරමින් සිටි කුකුල්ලු 250 ක් බේරා ගැනීමට ආනන්ත් කටයුතු කර තිබීම තමයි මෙයට හේතුවුණේ.

ආනන්ත් එම කුකුළන් විකිණීමට ගිය මුදලට වඩා දෙගුණයක් මුදල් ගෙවා බේරා ගත් බවයි සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

මෙම සිදුවීමේ වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල වෛරල් වුණා.

ආනන්ත්අම්බානි තම අතේ කුකුළෙකු රැගෙන ඇවිද යන ආකාරයත් “ඔවුන් සියල්ලන්ම බේරා ගන්න. ඔවුන් මිලදී ගන්න. ඔවුන්ගේ හිමිකරුට ගෙවන්න, අපි ඔවුන් ගැන බලාගන්නම්” යනුවෙන් උද්‍යෝගයෙන් පවසන ආකාරය එම වීඩියෝ පටයේ සටහන් වී තිබුණා.

එම සතුන් සත්ව අභය භූමියකට මුදාහැරීමට ද ඔහු උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

පාගමන අතරතුර ඔහු සෑම රාත්‍රියකම කිලෝමීටර් 10ක් 12ක් ඇවිද යන බව සඳහන්ය. අතරමඟදී ඔහු ප්‍රධාන ආගමික සිද්ධස්ථාන වෙත ගොස් වැඳ පුදා ගන්නා බව පැවසෙනවා. මේදක්වා පාගමනේ ඔහු කිලෝමීටර් 60කට ආසන්න දුරක් ගෙවා අවසන්‍ ය.

ද්වාරකාවට ළඟා වූ පසු, ඔහු ප්‍රසිද්ධ ද්වාරකාධිෂ් දේවාලයේ දී ක්‍රිෂ්ණා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...