ලෝකෙට මොකද වෙන්නේ? පැපුවා නිව්ගිනියාවටත් භූමිකම්පාවක්…

පැපුවා නිව්ගිනියාවේ නිව් බ්‍රිටේන් දූපතේ වෙරළට ඔබ්බෙන් අද (මාර්තු 05) උදෑසන රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තියෙනවා.

කිලෝමීටර් 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් සිදු වූ නොගැඹුරු භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද අතර පසුව එය එක්සත් ජනපද පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉවත් කර තිබුණා.

ඒ “ලබා ගත හැකි සියලු දත්ත මත පදනම්ව, මෙම භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි තර්ජනය දැන් පහව ගොස් තියෙනවා.” යැ‍යි සඳහන් කරමිනි.

භූමිකම්පාව එරට වේලාවෙන් පෙ.ව. 6:04 ට සිදු වූ අතර එය ආසන්නතම ප්‍රධාන නගරය වන කිම්බේ (Kimbe) සිට කිලෝමීටර් 194 (සැතපුම් 120) පමණ ගිනිකොන දෙසින් කේන්ද්‍රගත වී තිබූ බවයි සඳහන් වෙන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මූලික වශයෙන් 4.9 සිට 5.3 දක්වා විශාලත්වයකින් යුත් කුඩා භූමිකම්පා කිහිපයක් පසුව එම මුහුදු ප්‍රදේශය අසලම ඇති වූ බව ද සඳහන්ය.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!