ලෝකෙට මොකද වෙන්නේ? පැපුවා නිව්ගිනියාවටත් භූමිකම්පාවක්…

පැපුවා නිව්ගිනියාවේ නිව් බ්‍රිටේන් දූපතේ වෙරළට ඔබ්බෙන් අද (මාර්තු 05) උදෑසන රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තියෙනවා.

කිලෝමීටර් 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් සිදු වූ නොගැඹුරු භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද අතර පසුව එය එක්සත් ජනපද පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉවත් කර තිබුණා.

ඒ “ලබා ගත හැකි සියලු දත්ත මත පදනම්ව, මෙම භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි තර්ජනය දැන් පහව ගොස් තියෙනවා.” යැ‍යි සඳහන් කරමිනි.

භූමිකම්පාව එරට වේලාවෙන් පෙ.ව. 6:04 ට සිදු වූ අතර එය ආසන්නතම ප්‍රධාන නගරය වන කිම්බේ (Kimbe) සිට කිලෝමීටර් 194 (සැතපුම් 120) පමණ ගිනිකොන දෙසින් කේන්ද්‍රගත වී තිබූ බවයි සඳහන් වෙන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මූලික වශයෙන් 4.9 සිට 5.3 දක්වා විශාලත්වයකින් යුත් කුඩා භූමිකම්පා කිහිපයක් පසුව එම මුහුදු ප්‍රදේශය අසලම ඇති වූ බව ද සඳහන්ය.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...