පෑඩ් නොමිලේ ලබා දිය යුතු බව ප්‍රකාශ කළ දේශපාලනඥවරියට මරණ තර්ජන 8,000ක්

ජපන් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන 27 හැවිරිදි දේශපාලනඥවරියක් වන අයකා යොෂිඩා (Ayaka Yoshida) ඇගේ විද්‍යුත් තැපෑල ඇතුළුව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන 8000කට ආසන්න සංඛ්‍යාවකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තියෙනවා.

ඇය ජපානයේ මියේ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකාවකි.

ඇය මෙම තර්ජන රැල්ලට මුහුණ දුන්නේ මෑතකදී සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දිය යුතුබවට කළ ප්‍රකාශයක් නිසාය.

“ටොයිලට් පේපර්ස් මෙන්, සෑම තැනකම සනීපාරක්ෂක තුවා තැබීමට මට අවශ්‍යයි” මාර්තු 25 වන දින ඇය සමාජ මාධ්‍යවල පළ කළ මෙම සටහනෙන් පසුව ඇයට නිර්නාමික තර්ජන මාලාවකට මුහුණ දීමට සිදු වුණා.

එමඟින් පිළිබිඹු වුණේ ජපානය වැනි දියුණු ශිෂ්ඨ සම්පන්න යැයි පැවසෙන රටක පවා කාන්තාවකගේ අනිවාර්ය ඔසප් වීම වටා ඇති අපකීර්තිමත් ප්‍රචණ්ඩකාරීත්වයයි.

මූල්‍යමය බාධාවන් හේතුවෙන් ඔසප් නිෂ්පාදන සඳහා ප්‍රවේශ වීමට නොහැකි වීම ජපානය මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් බවද මෙයින් තහවුරු වුණා.

ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022 දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට වයස අවුරුදු 18 ත් 49 ත් අතර කාන්තාවන්ගෙන් සියයට 8 ක් සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා අත්විඳ ඇති බවයි.

​එවැනි අභියෝගවලට ප්‍රතිචාර වශයෙන්, විවිධ පළාත් පාලන ආයතන පාසල් සහ පොදු පහසුකම්වල නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දීම සඳහා වැඩසටහන් පවා ආරම්භ කළා.

නිදසුනක් වශයෙන්, 2023 මුල් භාගයේදී හ්යෝගෝ ප්‍රාන්ත රජය විසින් බොහෝ අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයීම සඳහා සිය උත්සාහයන් පුළුල් කළ බව ජපන් ගුවන් විදුලි නාලිකාවක් වන NHK වාර්තා කරනු ලැබුවා.

යොෂිඩාගේ යෝජනාවට ඇති දැඩි ප්‍රතිචාරය, විවෘතව කතා කරන කාන්තාවන් නිහඬ කිරීම අරමුණු කරගත් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිරිහැර කිරීම පිළිබිඹු කරන බව ද විශේෂඥයෝ ප්‍රකාශ කරනවා.

හිරෝෂිමා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය චිසාටෝ කිටනාකා සඳහන් කරන්නේ, කතා කරන කාන්තාවන් ඉලක්ක කරගත් අපයෝජන පණිවිඩ ජපානයේ භයානක ලෙස නිතර සිදුවන බවයි.

මෙම තත්ත්වය සමාජයේ තහනම් මාතෘකාවලට මුහුණ දීමේ අවශ්‍යතාවය සහ දේශපාලනයේ කාන්තාවන් ඉලක්ක කරගත් හිරිහැරවලින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ජපානය තුළ නව සංවාදයකට තුඩු දී ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!