බොලිවුඩ් සුපිරිම වීරයන්ට පෙම් බැඳ කිහිප වතාවක් විවාහ වූ එහෙත් සදාකාලික තනිකඩ පෙම්වතිය ‘රේඛා’

රේඛා මේ වන විට ජීවතුන් අතර සිටින බොලිවුඩයේ ජනප්‍රිය පැරණිම සිහින තරුවලින් එක් අයෙකි. ඉන්දියානු සිනමා ඉතිහාසයේ වඩාත්ම කීර්තිමත් නිළියන්ගෙන් කෙනෙකි.

ඇය1970 සහ 80 දශකවල ඇගේ සුන්දරත්වයෙන්, කුසලතාවන්ගෙන් රිදී තිරයට චමත්කාරයක් එක් කළා.

තිරයේ සියලු දෙනා වශීකළ සරාගී පෙම්වතිය වුවත් රේඛාගේ පෞද්ගලික ජීවිතය ඇය තිරයේ මැවූ තරම් සුන්දර එකක් වුණේ නෑ.

මව් කුසේ පිළිසිඳගත් දා පටන්ම ඇගේ ජීවිතය කැළඹිලි සහගත එකක් වුණා.

ඇගේ පියා ප්‍රසිද්ධ දෙමළ නළුවකු වන ජෙමිනි ගනේෂන්ය. ඇගේ මවගේ කුසේ ඇය පිළිසිඳගන්නා විට දෙමව්පියන් විවාහ වී සිටියේ නැහැ. විවාහයෙන් පිටත උපත ලැබූ නිසා ඇගේ පියා ඇයව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බව නිළිය වරක් හෙළි කළා.

ඇගේ මව නිළි පුෂ්පවල්ලි ය. මෙම අර්බුදය නිසා ඇගේ ළමා කාලය පියා සමඟ සම්බන්ධතාවය ඉතා සංකීර්ණ එකක් වූ වුණා. එහෙත් මවගේ මරණයෙන් පසු දේවල් යහපත් වූ බව ඇය සඳහන් කර තියෙනවා.

බොලිවුඩ් සිනමාවට ඇගේ ආගමනයෙන් පසු ඇයගේ ආදරය පැතුවේ එවකට ඉහළම ජනප්‍රියතාවයකට හිමිකම් කී නළුවන් ය. නමුත් ඒ ප්‍රේමයන් යථාර්ථයක් කර ගැනීමට තරම් රේඛා වාසනාවන්ත වුණේ නැහැ.

අමිතාබ් බච්චන් සමඟ ඇයගේ ප්‍රේමය අන්දෝලනයට හේතු වුණා. නමුත්, වාර්තා වන පරිදි, රේඛාගේ නම සම්බන්ධ වූ පළමු නළුවා ඔහු නොවේ.

රේඛා හා ජීතේන්දර් සමඟ සමීප සබඳතාවක් ඇති බව එවකට වේගයෙන් පැතිරුණු එවැනි කටකතාවලින් එකකි.

අවසානාවට ජිතේන්දර් ඒ වන විට විවාහකයෙකි. ඇය කිරන් කුමාර් සමඟ විවාහ වී සිටි බවට කටකතා පැතිර ගියේ ඉන් පසුවයි. එම විවාහය තහවුරු වී නොමැති නමුත්, ඔවුන් අතර සම්බන්ධතාවයක් නිසැකවම පැවතුණු බව එකළ මාධ්‍ය වාර්තා පවසනවා. රේඛා ප්‍රවීණ නළු විනෝද් මෙහ්රා සමඟද පෙම් සබඳතාවක් පවත්වන බවට ද පසුව වාර්තා පළ වුණා.

මෙම යුවළ රහසිගතව විවාහ වූ බවට කටකතා පැතිර ගිය නමුත් සිමි ග්‍රේවාල් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී රේඛා මේ සියලු කටකතා ප්‍රතික්ෂේප කළා.

රේඛාගේ ප්‍රසිද්ධ විවාහය සිදුවුණේ 1990 වසරේදීය. ඒ දිල්ලියේ පදිංචි ව්‍යාපාරික මුකේෂ් අග්‍රවාල් සමඟයි.

යසර් උස්මාන් විසින් රචිත ඇගේ චරිතාපදානය වන රේඛා: ද අන්ටෝල්ඩ් ස්ටෝරි හි සඳහන් වන පරිදි ඇගේ සැමියා දුර්වල මානසික සෞඛ්‍යයකින් පෙළෙන තැනැත්‍තෙකි. එය විවාහයට පෙර ඇය දැන සිටියේ නැති බව එහි සඳහන්ය.

මේ නිසා රේඛා මුකේෂ්ගෙන් වෙන්වීමට තීරණය කර තිබුණා. මේ අතරතුර මුකේෂ් සියදිවි නසා ගත් අතර, එම සිදුවීම රේඛාගේ ජීවිතය සදහටම වෙනස් කරනු ලැබූ බව පැවසෙනවා.

ඔහුගේ වඩාත්ම අභියෝගාත්මක කාලය තුළ ඇය නොසිටීම නිසා මාධ්‍ය විසින් ඇය නිර්දෙය ලෙස විවෙචනය කරනු ලැබුවේද මේ වකවානුවේදීය.

විවාහය හා බැඳුනු පෞද්ගලික ජීවිතය අසාර්ථක වුවත් රේඛා වෘත්තිය ජීවිතය කිසිවිටක පසුගාමී වුණේ නැහැ. ඇය මේ වනවිට රුපියල් කෝටි 332 ක අතිවිශාල ශුද්ධ වත්කමක් භුක්ති විඳින බව වාර්තාවල සඳහන් වෙනවා. ඇගේ ඉපැයීම්වලින් වැඩි කොටසක් ලැබෙන්නේ ඇගේ වෙළඳ නාම අනුමත කිරීම් සහ බොහෝ ප්‍රසිද්ධ පෙනී සිටීම් වෙනුවෙනි.

Latest News

More like this

දුෂ්කරම පරිච්ඡේදය නිමා කර මනාළියක් වූ හීනා ඛාන්

ජනප්‍රිය රූපවාහිනී නිළි හීනා ඛාන් ඇගේ දිගුකාලීන පෙම්වතා වන...

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ලබන වසරේ ජනාධිපතිවරණ සටනට එක්වීමට ඉදිරිපත්ව සිටි කොලොම්බියානු සෙනෙට්...

වසරකට පොල්ගෙඩි මිලියන 3000ක ඉලක්කයක්.. හැබැයි මිලියන 200ක්ම කන්නෙ රිළව්

රිලවුන්, වඳුරන්, දඬුලේනුන් වසරකට ගෙඩි මිලියන 200ක් පමණ විනාශ...

උඩු ගුවනේදී ගුවන් සේවිකාවකට අතවර කළ ලාංකික කැප්ටන් රිමාන්ඩ්

ඩුබායි සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ...
error: Content is protected !!