සෞදි අරාබියෙන් රටවල් 14කට වීසා තහනමක්

ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් 14 ක පුද්ගලයින්ට ඇතැම් වීසා නිකුත් කිරීම සෞදි අරාබිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙම වසරේ හජ් වන්දනාව අවසන් වන කාලය දක්වා එනම් ජුනි මැද භාගය දක්වා මෙම තහනම පවතිනු ඇති බව වාර්තා වෙනවා.

වීසා අත්හිටුවීමට උම්රා (මක්කම හා මදීනා වන්දනාව) වීසා මෙන්ම ව්‍යාපාරික සහ පවුල් සංචාර වීසා ද ඇතුළත්ය.

නිසි ලියාපදිංචියකින් තොරව හජ් වන්දනාවේ පැමිණීම වැළැක්වීම සඳහා සෞදි බලධාරීන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ විදේශීය ජාතිකයන් උම්රා හෝ හජ් ආගමික සංචාර වීසා මත රටට ඇතුළු වී පසුව නිල අවසරයකින් තොරව හජ් සඳහා සහභාගී වීම හා නීති විරෝධී ලෙස කාලය ඉක්මවා රැඳී සිටින බව සඳහන්ය.

සෞදි බලධාරීන් මෙම පියවර ගනු ලැබුවේ 2024 දී හජ් වන්දනාව අතරතුර 1,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ ඛේදජනක සිදුවීම් වලින් පසුවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අනවසර වන්දනාකරුවන් වු බව පැවසෙනවා.

මීට අමතරව, හජ් සමයේදී නීති විරෝධී ලෙස රැඳී සිටින ඕනෑම අයෙකුට සෞදි අරාබියට වසර පහක ඇතුළුවීමේ තහනමකට මුහුණ දිය හැකි බවට ද නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!