නෙපෝ කිඩ්ස් එහෙම නැත්නම් තරු දරුවන් ඉන්දීය සිනමාවේ පිපෙන්නේ හරියට හතු පිපෙනවා වගේ වේගයෙන් ක්ෂණිකව.
තිරයේ තමන්ගේ පැවැත්ම කල් ඉකුත් වේගෙන එද්දිම තරු අම්මලා තාත්තලා එයාලගේ මැණික් කැට වගේ හදපු ළමයින්ව හෙලිකොප්ටර්වලින් සිනමාවට බස්සන එක හරිම සාමාන්‍ය දෙයක්.
තවත් එහෙම නෙපෝ කෙනෙක් ඉන්දීය සිනමාවට එන්න මේ වෙද්දි සූදානම්. හැබැයි එක පාරට පැරෂුට් එකකින් නෙවෙයි.
ඇය ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක් හා දේශපාලනඥවරියක් වන කුෂ්බු සුන්දර්ගේ දියණිය අවන්තිකා සුන්දර්ය. ඇගේ පියා අධ්‍යක්ෂක හා නළුවකු වන සුන්දර් සී ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කියන විදියට අවන්තිකා ළඟ ළඟම දිනයකදී තිරයට පැමිණීමට නියමිතයි.
මේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඇය එම කරුනු සනාථ කර තියෙනවා. කොහොම වුණත් නෙපෝ කියන ලේබල් එකෙන් ඇයට ගැලවීමක් නැති වේවි.
“මගේ දෙමව්පියන් මාව හඳුන්වාදීමට කිසිවිටකත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මේ සියල්ල මට තනිව කළ හැකි දේවල් නෙවෙයි” දෙමව්පියන් ඇය සිනමාවට ගෙන ඒමට උත්සහ නොකළද ඔවුන්ගේ සම්බන්ධතාවලින් බැහැරව එය කළ නොහැකි බව ඇය මාධ්‍ය වෙත පවසා තිබුණා.
කුෂ්බු සුන්දර් සහ සුන්දර් සී යන දෙදෙනාම චිත්‍රපට ලෝකයේ ප්‍රමුඛයන්ය. දෙමළ චිත්‍රපට කර්මාන්තයේ මුල් බැස ගත් පතාකයින්ය. ඇගේ මවට හා පියාට නිෂ්පාදන ආයතනයක් හිමියි. ඉතින් ඔවුන් ඇයව හඳුන්වාදීමට ඉදිරිපත් වුණේ නැහැ වගේම ඔවුන්ගේ සහයෝගය නැතිව ඇයට එය කරන්න බැරිවුණා කියන එක හතරබීරී කතාවක් වගේ තමයි.
“එහෙම වුණත් මගේ දෙමව්පියන් මාව දියත් කළ යුතුයැයි මම කවදාවත් හිතුවේ නැහැ. ඒවගේම කවුරු හරි මාව හොයාගෙන එනකල් හෝ මා තනිවම එයා කළා යැයි කිව්වොත් එය බොරුවක්. මොකද එයාලගෙ සම්බන්ධතා මට අවශ්‍ය වුණා. ඔවුන්ගේ සහයෝගය මට අවශයයි”
කුෂ්බුගේ වැඩිමල් දියණිය වන අවන්තිකා අඩි 5යි අඟල් 11ක් උස ලන්ඩනයේ රංගන පාසලකින් රංගනය හැදෑරූ කෙල්ලකි. උස වැඩිවීම නිසා ඇගේ මංගල දර්ශනය සඳහා බොහෝ කාලයක් බලා සිටීමට සිදු වු බව ඇය පවසනවා.
මම ඇත්‍තටම නිළියක් කියන අච්චුවට ගැළපුණේ නෑ. තරුණියක් ලෙස මම ගොඩක් කම්මැලියි. බරිනුත් ටිකක් වැඩියි. ඒ මදිවට කණ්නාඩිත් දැම්මා .ඉතින් මම අසාර්ථක වෙතැයි මා සිතුවා. ඒත් පසුව මම මගේ සිහිනය හඹා යාමට උත්සහ කළා”
“ඔවුන් කවුරුන්ද යන්න මත මට බොහෝ පරීක්ෂාවන්ට ලක් වීමට සිදුවනු ඇතැයි මගේ දෙමව්පියන් මට කිව්වා. ඒක සම්පූර්ණයෙන් සාධාරණයි. ඒ සඳහා මම දැන් සූදානම්. මම නාට්‍ය පාසලට යාමට ප්‍රධාන හේතුව වුණෙත් ඒ පරීක්ෂාවන්ට මුහුණ දීමට සූදානම් වීම අවශ්‍ය වීම නිසා. ඒ වගේම මගේ ඡායාරූපයක් ගන්නා අයෙකු ඉදිරියේ වුණත් ඇතිවුණු බිය සහ ලැජ්ජාවෙන් ගැලවීමට මට ඕන වුණා.”
මේ වන විට එල්ල වන ලොකුම චෝදනාව තමයි තිරයේ අතිශය සාර්ථක නළුවන්ගෙ නිළියන්ගේ දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් තරම් සාර්ථක නැහැ කියන එක. දෙමව්පියන් සාර්ථක වීම හා ඔවුන් සමඟ සන්සන්දනය කිරීම නිසා බොලිවුඩ්වලට මෑතකදි ආව තරු දරුවන්ට ලොකු පීඩනයක් එල්ල වුණා.
ඒ අභියෝගය අවන්තිකාටත් තියේවි. “මම දෙමව්පියන්ට වඩා සාර්ථක වේවි හෝ වැඩි වැඩියෙන් සාර්ථක වෙවි කියල කියන්න බැහැ. ප්‍රේක්ෂකයින් හරිම බුද්ධිමත්. ඒ වගේම මම අසාර්ථක වෙන්න පට්ටම බයයි. ඒ නිසා පුළුවන් උපරිමය කරනවා”
අන්න ඒ බය තියෙන නිසා අවන්තිකා හොඳ ගේමක් ගහයි කියල බලාපොරොත්තුවක් නම් තියාගන්න පුළුවන්.