නාමලුත් ගිහින් මෝදිව හමුවෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුව සමුළුවට සහභාගීවී සිටින අතරතුර නාමල් රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණා.

“භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මෙරට සංවර්ධන ව්‍යාපෘති දේශපාලන හේතූන් මත කල්යෑම බවයි.

2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බව ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දී තිබුණා.

2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බවයි ඔහු සඳහන් කර තිබුණේ.

ඉන්දියාවේ පැවැති “භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරනු ලැබුවා.

අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවයි.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු පවසා තියෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...