රටවල් 30ක ඇමරිකානු තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්

ඇමරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පාදුව සැලකිල්ලට ගනිමින් රටවල් 30ක ඇමරිකන් තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තියෙනවා.

යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්ය.

සෝමාලියාව, ඉරාකය, මෝල්ටා ලක්සම්බ්ර්ක්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව පැවසෙනවා.

ප්‍රංශයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාලද වසා දැමීමට යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ කොන්සල් කාර්යාල දෙක වසා දැමීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

Latest News

error: Content is protected !!